අප අමතන්න

ආයුර්වේද වෛද්‍ය සුජීවා සමන්ති පතිරණ කොළඹ මරදානේ ශ‍්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.වසර තුනක සාර්ථක ශිෂ්‍ය දිවියකින් අනතුරුව 2008 දී නියමිත සියළු විභාග සමත් කරන ඇය එම වසරේදීම ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හිමි කර ගනී. ඉන් අනතුරුව කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්ක වල ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වාගෙන යන එතුමිය ආයුර්වේදයේ ප‍්‍රායෝගික භාවිතය ගුණාත්මකව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන්නට උත්සහ ගත්තාය.ඒ සඳහා පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මෙන්ම පාරම්පරික සිංහල වෛද්‍ය වරුන්ගේද උපදෙස් හා මඟපෙන්වීම් ලබාගත් ඇය අභාවයට ගිය පාරම්පරික ආයුර්වේද ඖෂධ පන්තීන් හා වට්ටෝරු ගණනාවක් නැවැත පිටපත් කර ගැනීමට සමත් වූවාය.නවීන තාක්ෂණය හා බද්ධ වෙමින් ඊමේල් - ස්කයිප් වැනි සන්නිවේදන ක්‍රම හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු වෙනුවෙන් දුරස්ථ ප්‍රතිකාර ක්‍රම සාර්ථකව සිදුකරන ඇය මෙරට ප්‍රමුඛතම ආයුර්වේද වෙබ් අඩවි හා බ්ලොග් අඩවි වෙත සිය දැනුම සපයන්නීය. එම සියළුකාරණා සලකා බැලූ ශ‍්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලය විසින් ඇයව 2013 වර්ෂයේදී “වෛද්‍ය නිධී“ ගෞරව සම්මානයෙන්ද පුදනු ලැබීය.




තොරතුරු විමසීම් පත


විමසන්නාගේ නම / Name


ළඟම නගරය / Town


දුරකථන අංකය / Tel.Number


ඊමේල් / Email Address


ස්ත්‍රී-පුරුෂ බව / Gender


වයස / Age


කරුණු දැක්වීම / Description


අවශ්‍යතාවය / Necessity

 නොමිලේ උපදෙස් / Free Consult 
 ඖෂධ ප්‍රතිකාර / Medical Treatment 
 ඉහත සියල්ල / Both