ජ්‍යොතිෂය

• ෙජ්‍යාතිෂය යනු කුමක්ද?

සරලව පැහැදිලි කළොත් ජෝති යනු ආලෝකයයි. මෙහි අරුත ග්‍රහ තාරකාවල ආලෝකය යන්නයි. නැතිනම් බැබළීමයි.

• මෙම විෂය පිළිගත හැකි සත්‍යයක්ද?

ඔව්. පැහැදිලිවම මෙය ඉතාම සත්‍ය හා පිළිගත හැකි විද්‍යාවක්, තාරකා විද්‍යාවත්, අපේ සෞග්‍රහ මණ්ඩලයත් පදනම් කරගෙන තමා මේ විෂය ගොඩනැඟිලා තියෙන්නේ.

• මෙම විෂය කෙතරම් පැරැණිද?

අවුරුදු 5,000 වඩා පැරැණි අතීතයක් තිබෙනවා.

• කවුද මේ ශාස්ත්‍රය ලෝකයට දායාද කළේ? කවදාද එහි ආරම්භය?

ආරම්භය පිළිබඳ විද්වතුන් අතර විවිධ මත තිබෙනවා. එනම් බුදු උපතට වසර 610කට පෙර මධ්‍යධරණී ප්‍රදේශයේ පර්සියාවේ ආරම්භ වූ බව එක් මතයක් වෙනවා. ඒත් ඊට අෑත යුගයේ භාරතයේ ඉතා දියුණු සමෘද්ධිමත් ශිෂ්ටාචාරයක් තුළ ජේ‍යාතිෂය පැවැති බවට යම් යම් සාධක හා සටහන් තිබෙනවා. ඉතින් එදා විසූ මනසින් ඉතා දියුණු ඉසිවරු මෙම ශාස්ත්‍රය ලොවට දායාද කර තිබෙනවා. තවත් මත කීපයක් තිබුණත් මේ විෂය දීර්ඝ ඉතිහාසයක් තිබෙන ඉතාම පුළුල් විෂයයක්. සිදුහත් කුමාරයා ඒකාන්තයෙන්ම බුදුවන බව එදා පැවසුවෙත් මේ ජේ‍යාතිෂය පදනම් කරගෙනයි.

• හඳහන, ජන්මපත්‍රය, කේන්ද්‍රය යන නම්වලින් හඳුන්වන මේ සටහන ඇත්තටම මොකක්ද?

කෙනකු මේ ලෝකයේ උපදින වේලාවට නැඟෙනහිර ක්‍ෂතිජයේ පායන ග්‍රහ තාරකා පදනම් කරගෙන යම් නක්‍ෂත්‍ර ගණිත ක්‍රමයකට සකසන සටහන අපි සරලව හඳහන කියලා හඳුන්වනවා. ඉතින් මේ සටහන තුළ කෙනකු පූර්ව ආත්මයේ කළ කී පින් පව් කොටු 12ක් තුළ සටහන්ව තිබෙනවා.

• ජේ‍යාතිෂ යන්න වඩාත් පැහැදිලි කරනවා නම්?

අපි මෙහෙම හිතමු. මම මේ කියන්නේ උදාහරණයක්. කළුවරේ කෙනෙක් ගමනක් යනවා. කළුවරේ යන කෙනකුට අනතුරු සිදුවෙනවා වැඩියි. ඔහුට ආලෝකයක් නෑ. ඉතින් මෙහෙම යනකොට සතා සිවුපවාගෙන් හෝ මාර්ගයේ හෝ වෙනයම් පුද්ගලයකුගේ හෝ මංකොල්ලකරුවකු යැයි සිතමු. එවැනි දෙයකින් ඔහුට අනතුරක් වෙන්න පුළුවන්. නමුත් ඔහු විදුලි පන්දමක් අරන් ගියානම් ඔහුට එම අනතුරුවලින් යම් පමණකට බේරෙන්න පුළුවන්. ඔහුට හරි මඟ යන්න ඒ ආලෝකය උදවු කළා. අන්න ඒ වගේ තමා ජේ‍යාතිෂය මඟින් සකසන හඳහන තමයි කෙනකුට හරිමඟ යන්න පාර පෙන්වන්නේ. තවත් පැහැදිලි කරනවානම් කෙනකුගේ ජීවිතයේ කැඩපත තමයි හඳහන කියන්නේ.

• ජේ‍යාතිෂය ලෞකික විෂයක්ද? ලෝකෝත්තර විෂයක්ද?

පැහැදිලිවම මෙය ලෞකික විෂයක්. මේ තුළින් මිනිසාට පැහැදිලි කර දෙන්නේ පූර්ව ආත්මයේ කළ කී දෙය මත මේ ආත්මයේ අපට ලැබෙන නොලැබෙන දේ ගැනයි. අපි පෙර භවයේ පින් කර ඇත්නම් අපට මේ භවය තුළ අපල උපද්‍රවවලින් තොරව සඵලව ජීවත් විය හැකියි. නමුත් අප පෙර භවයේ පව් කර ඇත්නම් අපට මේ ආත්මයේ එහි ප්‍රතිවිපාක විඳින්න සිදුවන බවයි.


• ජේ‍යාතිෂය ගොඩනැඟී තිබෙන්නේ ග්‍රහ වස්තු පදනම් කරගෙනද?

ඔව්. මූලිකවම හිරු, සඳු ඇතුළු, බුධ, අඟහරු, බ්‍රහස්පති, සිකුරු, සෙනසුරු ඊට අමතරව යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයන් හා නැකැත් 27 පදනම් කරගෙන තමා මේ ශාස්ත්‍රය ගොඩනැඟී තිබෙන්නේ. විශේෂයෙන්ම හිරු සඳු නැතිනම් ඇත්තටම මේ ලෝකයේ පැවැත්මක් නෑ. මනුෂ්‍යාගේ සතා සිවුපාවගේ වගේම ගස් වැල්වල පැවැත්මත් ර¼දා පවතින්නේ හිරු සඳු නිසා. ඒක ඕනෑම කෙනකුට තේරෙන සරල සත්‍යයක්නේ. කෙනකුට හිතෙන්න පුළුවන් කොහොමද මේවා මහෙම කියන්නේ කියලා. මේ ශාස්ත්‍රය පුරාණයේ ඉඳලා පැවැත එන්නක්. යම් ගණිත ක්‍රමයකට ගණනය කිරීමෙන් තමා ගොඩනඟලා තියෙන්නේ. ඉතින් මේ ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කළොත් කෙනකුගේ ජීවිතයේ ඕනෑම තත්ත්වයක් දැනගන්න පුළුවන්.

• මරණය ගැන වුණත් කියන්න පුළුවන්ද?

ඔව්, මරණය සිදුවන වකවානුව හා එය සිදුවන ආකාරය පවා කියන්න පුළුවන්.

• ඒත් ජේ‍යාතිෂවේදීන් ඇයි ඒ ගැන නොකියන්නේ.

මරණය කියන්නේ කෙනකුගේ ජීවිතයේ ඉතාම සංවේදී අවස්ථාවක්. අප එය පැවසුවොත් එම පුද්ගලයා ඒ වේලාවේ සිටම මානසිකව මැරෙනවා. ඉතින් ඒ නිසයි එවැනි වූ කාරණා පවසන්නේ නැත්තේ.

• කෙනකුගේ හඳහනක් බැලුවොත් ජේ‍යාතිෂවේදීන් කියන්නෙම අපල ගැනමයි. ඒ ඇයි?


නෑ ඒක එසේම පිළිගන්න බෑ. නමුත් බොහෝ විට මිනිසුන් තමන්ගේ හඳහන් බලන්නේ තමාට යම් කරදරයක් වූ විටයි. ඒක තමා මිනිස් ස්වභාවය. ඉතින් ඕනෑම මනුස්සයකුට අපල උපද්‍රව පවතින කාලයක් එනවා. ඒ කාලෙදි ඔවුන් මේ සඳහා යොමු වෙනවා. එවිට ජේ‍යාතිෂවේදීන් ඒ තත්ත්වය පවසනවා.


• රාහු, කේතු කියන්නේ ග්‍රහයෝ නොවෙයිද?

නැහැ රාහු, කේතු කියන්නේ ජේ‍යාතිෂයට පමණක් අදාළ ඡායා ග්‍රහයෝ දෙදෙනෙක්. සංකල්පීය ලක්‍ෂ්‍ය දෙකක් පමණයි. මෙම ලක්‍ෂ්‍ය දෙක වන්නේ පෘථිවිය සූර්යයා වටේ ගමන් කරනා කක්‍ෂයත් චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන කක්‍ෂයත් කැපෙන ස්ථාන දෙකයි. ඒ අනුව රාහු හා කේතු නිරන්තරයෙන් පෘථිවිය දෙපස පිහිටයි. ඒ අනුව අංශක 180ක් අෑතින් තමයි කේතු පිහිටන්නේ.

• එතකොට රාහු, කේතු බලවත් නැද්ද?

බලවත් අතිශයින්ම බලවත් වෙනවා.


• ඔය කියන විදියට ග්‍රහයන්ට අපට අපල කරදර අනතුරු හිරිහැර කරන්න පුළුවන්ද?

ග්‍රහයන්ට අපට කරන්න පුළුවන් දෙයක් නැහැ. ග්‍රහයෝ ඔවුන්ගේ කිරණ හරහා අප කළ පින් පව් පිළිබඳ සුබ අසුබ සංඥා ලබා දෙනවා. අන්න ඒ ග්‍රහ සංඥා නිවැරැදිව තෝරා බේරා දෙන පුද්ගලයන් තමා ජේ‍යාතිෂවේදීන් කියන්නේ.

• වැඩියෙන්ම අපට අපල කරන්නේ මේ ග්‍රහයන් අතරින් කවුද?

මේ ග්‍රහයන් අතර සුබ හා අසුබ වශයෙන් ග්‍රහයන් කොටස් 2ක් ඉන්නවා. එහිදී අපට වැඩියෙන්ම අපල උපද්‍රව කරන්නේ මම අර කියපු අසුබ ග්‍රහයෝ හෙවත් පාප ග්‍රහයෝ.

• කවුද මේ අපල කරන පාප ග්‍රහයෝ?

සෙනසුරු, අඟහරු, රාහු, කේතු, රවි වැනි ග්‍රහයන් තමා, නමුත් සුබවාදී ග්‍රහයන් ලෙස සලකන ගුරු, සිකුරු, බුධ, සඳු යන ග්‍රහයන්ගෙනුත් සමහර අවස්ථාවල අවස්ථානුකූලව අපල යෙදෙනවා.

• පුරසඳු, ගුරු, සිකුරු, සුබ ග්‍රහයෝ නේද?

ඔව්.

• ඇයි ජේ‍යාතිෂවේදීන් ප්‍රකාශ කරන මත යම් යම් අවස්ථාවල පරස්පරතාවකින් යුක්ත වෙන්නේ?

ඒක ඇත්තටම මේ ජේ‍යාතිෂ ශාස්ත්‍රයේ වරදක් නොවෙයි. එක් එක් පුද්ගලයන් මේ ශාස්ත්‍රය ප්‍රගුණ කර ඇති ප්‍රමාණයේ පරස්පරතාවක් තමා ඒක. තව විදියකට කියනවානම් ඇත්තටම ඒක ඔවුන්ගේ දැනුම මට්ටමේ ප්‍රශ්නයක්.

• ග්‍රහ අපලවලින් අපට ගැලවෙන්න පුළුවන්ද?

පැහැදිලිවම ඔව්.

• බුදු දහම අනුව මේ ජේ‍යාතිෂයෙන් පෙන්වන ග්‍රහ අපලවලින් ගැලවෙන්න අප කළ යුතු පුණ්‍ය කටයුතු මොනවාද?


ඇතත්ටම අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සිහිකොට බෝධි පූජා පින්කම් සිදු කිරීම තමා මේ සඳහා ඉතාම සුදුසු වන්නේ. ඒ වගේම තදබල අපල තිබෙනවා නම් අටපිරිකර පූජා කිරීම, අටවිසි බුදුවරුන් සිහි කොට පූජා පැවැත්වීම, තමන් පින් එකතුකොට ගෙන ඒ පින් තමන්ගේ ඉෂ්ට දෙවි දේවතාවන් වහන්සේට අනුමෝදන් කිරීම, මරණයට කැපවූ සතුන් නිදහස් කර ගැනීම, සතුන්ට කෑම දීම, ගිලනුන්ට උපස්ථාන කිරීම, අසරණ අහිංසක පුද්ගලයන්ට උදවු කිරීම, සියලු දුසිරිතෙන් තොරව කාලය ගත කිරීම තමා මේ සඳහා හොඳම පියවර.


ජ්‍යොතිෂ්‍යෙව්දී
සම්පත් එස්. කල්පගේ
බණෟඩාරගම.

4 comments:

  1. බාලගිරි දෝෂය අද නොවේ හෙට...

    ReplyDelete
  2. ෙජ්‍යාතිෂය යනු පට්ට පල් විකාර බොරුවක්. මිත්‍යවිශ්වාසයක්.
    ඇත්තට අද අපේ රටේ ඉන්නේ බෞද්ධයෝ නොවෙයි මිත්‍යාවිශ්වාස කරන්නෝ.
    ‍ජ්‍යෝතිෂය යනු අවිද්‍යවකි.

    ReplyDelete