
බොහෝ දෙනා අහල පුරැදු "ආයුර්වේදය" උපන්නේ අපට ළගම රටේ. ඒ කියන්නේ ඉන්දියාවෙ(ඇත්තටම කිව්වොත් භාරතයේ. භාරතය කියන්නේ වර්තමාන පකිස්ථානය,බංගලාදේශය ඇතුලු ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයට පෙර පැවැති දඹදිව රාජධානියට) . එහි ආරම්භය ගැන කියවෙන බොහොම රසවත් දේව කතාවකුත් තියෙනවා. ඒ ගැන පසුව දවසක ලියන්නම්. එහෙම බිහිවුණු ආයුර්වේද වෛද ක්‍රමය භාරතය තුල බොහොම සරැසාරව වැඩෙන ගහක් වගේ මුල් ඇදගෙන ප්‍රචලිත වෙනවා.ගස් වැල් වල පංචාංගයම හෝ කොටසක් හෝ යොදාගෙන නිපදවෙන අරිෂ්ඨ, ආසව වර්ග නිපදවෙන්නේ ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේදී. මහින්දාගමනයත් සමග අපට ලැබෙන බොහෝ දායාද අතර ආයුර්වේදයත් ඇතුළත් වෙලා තිබුණා. නමුත් විජයාවතරණයට පෙර සිටම මෙහි වාසය කළ යක්ඛ, නාග ගෝත්රිකයන්ගෙන් පැවත ආ වෛද්‍ය ක්‍රමයක් තිබිල තියෙනවා. රාවණ රජ සමයේ සිට පැවත ආ මේ වෛද්‍ය ක්‍රමය බොහොම දියුණු එකක්.
පසුකාලීනව ඒ කියන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ අපේ දේශීය වෛද්‍ය වරැ ආයුර්වේදයේ හරයාත්මක දේවලුත් ප්‍රයෝජනයට අරගෙන හරිම සංවිධානාත්මක විදියට දේශීය වෛද්‍ය ශාස්ත්‍රය මහජනයාගේ හිතසුව පිණිස යොදාගෙන තියෙනවා.ඒ කාලෙ අපේ සෑම රජ කෙනෙකුටම රාජ වෛද්‍ය වරයෙක් පවා ඉදල තියෙනව. මිහින්තලය, මින්නේරිය වගේ ප්‍රදේශවල ආරෝග්‍ය ශාලා පවත්වගෙන යමින් ශල්‍ය කර්ම පවා සාර්ථකව සිදුකරන තත්වයක් දක්වා පරිණත මට්ටමට පවත්වාගෙන ගියා. ඒ වගේමයි මනුෂ්‍යන්ට පමණක් නොවෙයි සත්වයින්ට පවා වෙදකම් සිද්ධ කල බවට සාක්ෂ්‍ය බුද්ධදාස රජ සමයේ හමුවෙනවා.
දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ප්‍රධාන වුණේ නැවුම් - අමු බෙහෙත්. යම් රෝගයකට පිළියම් කෙරැණෙ එවෙලෙම සාදාගත් නැවුම් ඖෂධ වලින්. ගුලි, කල්ක, කසාය නොතිබුණා නොවෙයි. ඒත් මුල් තැන දුන්නෙ අලු අනුපානයන්ට(අමු ඖෂධ දලු වලින් කළ බෙහෙත්), සවරස කසායට(අමු ඔසු මිරිකල හදන කෂාය). මොන අසනීපෙකට වුණත් වේලෙන් දෙවේලෙන් ප්‍රතිකර්ම කරන්නට දායක වුනේ ප්‍රබල අමු ඖෂධ. ඒවා බොහෝ විට තිබුණෙ දේශීය වෛද්‍ය වරැන්ගෙ මතක ගබඩාවෙ. රාජ අනුග්‍රහය ලැබුණු වෛද්‍ය පරම්පරා වල ඇත්තො සමහර අවස්ථාවල ඖෂධ වට්ටෝරැ ග්‍රන්ථාරෑඩ කළත් බොහෝ වෙලාවට මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාවෙ කටපාඩමින්. පසුකාලීනව රොබට් නොක්ස් කියපු විදියට අපේ රටේ හැම ගැමියෙක්ම වෙදෙක්. කැඩුණු අස්ථියක් සමාන්‍ය මට්ටමෙන් පාහන්න අපේ ගැමියෙකුට බතක් ඉදෙන්න යන වෙලාව ඇති බවත් ඔහු කියල තිබුණ. පෘතුගීසි, ලන්දේසි සමයන් වල නිතර පැවැති යුධ ගැටුම් ආදිය නිසාත්, චංචල දේශපාලන වාතාවරණය නිසත් ඒ කාලෙදි කතෝලික ආගම සමග බටහිර වෛද්‍ය ක්‍රමය මෙරටට පැමිණීම නිසාත් දේශීය වෙදකමේ පරිහානිය ඇරඹීමට හේතුපාද වුණා. ඒත් තාඩන පීඩන මැද්දෙ මුඛ පරම්පරාගතව ගෙනා අපේ දේශීය වෛද්‍ය වට්ටෝරැ ස්වල්ප ප්‍රමාණයක් අද වන තුරැත් භාවිතා කරන පාරම්පරික දේශීය වෛද්‍ය වරැ ඉන්නවා. අද වෙදකමේ නොයෙදුණත් තමතමන්ගෙ තාත්තා, සීයා සටහන් තැබූ පුස්කොළ පොත්, සටහන් පොත් රැකගත් උදවිය අපේ රටේ ඕන තරම්.මේ පිරිස් ගැන නිසි සංගණනයක් නොමැති නිසා වගේම ඒ අයගේ දැනුම හොරකම් නොකර විධිමත්ව ඒකරාශී කෙරෙන රාජ්‍ය යාන්ත්‍රණයක් මේ දක්වා නොමැති වීමත් නිසා ඒ දැනුම සගවාගෙනම ඒ මිනිස්සු මියයන එක අනිවාර්යයි. දේශිය වෛද්‍ය ක්‍රමය ගැන ඇල්මක් තියෙන බොහෝ දෙනෙකුට ඒක දරාගන්න බැරි දෙයක්.
ඉන්දියාවෙන් ආපු ආයුර්වේදය නිසි ලෙස ග්‍රන්ථාරෑඩ වෙලා තිබීම නිසා අද එය දේශීය වෙදකම අභිභවා පැතිර යන්නට පටන් අරන්. පාරම්පරික වෛද්‍ය පරම්පරා වල උදවිය ඒ වෘත්තියේ නොයෙදීමත්, එම පරම්පරා සතු දැනුම දැනට ආයුර්වේදයේ යෙදෙන පිරිස් වෙත නොලැබීමත් නිසා අපිට අහිමි වෙමින් යන්නෙ ලෝකයේ හොදම වෛද්‍ය ක්රමයක උරැමය කියන එක තමයි මගේ අදහස. බටහිර ලෝකය ගුවන් යානය නිපදවල දැනට වසර සියයයි. ඒත් අපේ රටේ රාවණා දඩුමොණරෙන් ගියේ වසර දහස් ගණනකට පෙරයි. ඒ අනුව සසදලා බැලුවොත් මගේ ඒ තර්කය සාධාරණයි කියල ඔබටත් හිතේවි.
දැන් ඉතින් ඔය බටහිර වෙදකම ඉගෙන ගන්න අනිත් වෙදකම් වලට වඩා දෙගුණයකටත් වැඩි z ලකුණු ඕන වෙනවනේ.
ReplyDeleteහැම අතින්ම දේශීය දැනුමට තියෙන තැන පහලට දාල තියෙන්නේ.
මේ පිළිබදව කථා කිරීම ඉතා වටිනා ක්‍රියාවක්.
ReplyDeleteසිංහල වෙදකම සහ ආයුර්වේදය දෙකක් පසුකාළයේදී වරින්වර එය මිශ්‍ර වන්නට ඇත.
http://manojcola.blogspot.com/search?q=%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B6%9A%E0%B6%B8
බලන්න.
ආයුබෝවන් අඛිල,
ReplyDeleteඒක ඉතින් අපේ රටේ හැටි. කොටින්ම කියනවනම් අපේ රටට ආවේණික ගහක් වැලක් උනත් හදුන්වන්නෙ "වල්" දර්ශය කියලනෙ. පිටින් ගෙනා එක රට දෙල්. අපේ රටේ එක වල් දෙල්.
ආයුබෝවන් මනෝජ්,
ඔබේ කියමන හරි. සිංහල වෙදකමේ ප්‍රවර්ධනයට ආයුර්වේදයෙනුත් මහගු පිටුබලයක් ලැබුණා. නමුත් අද වන විට තියෙන තත්වය තමයි - නිදහසින් වසර 62කට පස්සෙත් අපේ පාලකයන්ට සිංහල වෙදකමේ මුඛ පරම්පරාගත තොරතුරැ ග්රන්ථාරෑඪ කිරීමට නොහැකි වීම නිසා ආයුර්වේදය පමණක් ඉතුරැ වී සිංහල වෙදකම නැත්තටම නැතිවීම
අපට අපේ පාරම්පරික දැනුම ග්‍ර න්ථාරූඩ කර ගන්න එක මගහැරිලා තියෙන එක වගේ අපේ දැනුම කාටවත් අයිති නැති වීම නිසාත් අපේ දැනුම හොරකම් කරගෙන නිෂ්පාදන කරන්න බටහිර සමාගම් උත්සාහ කරනවා. කොතළහිඹුටු මේකට හොඳ උදාහරණයක්. හැබැයි ඉන්දියාවෙනම් ඉතාම සංවිධානාත්මක විදිහට මේකට විරුද්ධව කටයුතු කරනවා. ඔවුනට ආවේණික ශාක වර්ග කිසිවක් නිස්සාරණය කරලා ගන්න රසායනික වලට පේටන්ට බලපත්‍ර ලබාගැනීම අවහිර කරලා තියෙනවා.
ReplyDeleteඅපිත් ඒ වගේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්රිියාත්මක කරන්න ඕන.
තව දෙයක්. ඔයා දන්නවද කඩුපහර ශාකය. ඒක අපේ පැත්තේ කැපුම් වලට භාවිතා කරන එකක්. දන්නවනම් මට ඒ ගැන විස්තර ටිකක් කියන්න.
http://lankanthoughts.wordpress.com
Thejan Rathnayake
P.S. : Remove this word verification
වෙද හාමිනේගෙන් පුංචි උදව්වක් ඕන. අපේ අම්මට හැදිලා තියෙන අසනීපයක් ගැන දැන ගන්න. මේක publish කරන්න ඕන නෑ. ඒත් පුලුවන්නම් ඒ ගැන යමක් කියන්න please 'thejan.rathnayake@gmail.com' address එකට mail කරනවද?
ReplyDeleteඔබගේ උත්සාහය අගයන්න ඕන. ඇත්ත, එක් පරම්පරාවක් සතුව පැවති පාරම්පරික සිංහල වෙදකමේ අවසන් පුරුක මගේ මිත්තණිය.. ඇය සමගම මේ වෛද්‍යකර්මය වැළලී ගිය එක නම් අපරාධයක්.. ඇගෙන් මතුවට මෙම ශිල්පය භාරගන්න අයෙකු සිටියේ නැහැ...
ReplyDeleteසර්ප විෂ විද්‍යාව, කැඩුම් බිඳුම් වෙදකම, පිළිස්සුම්, කායික රෝග, ඇස් වෙදකම, තෙල් මැතිරිලි, කෙම් ක්‍රම ආදියට හසළ නිපුණත්වයක් ඇය සතුව තිබුණා... ඇය කිසිම වෙදකමක් කළේ සතයක්වත් අය නොකර...ඇගේ පියාණන්, එනම් අපගේ මුත්තණුවන් ඒ පළාතේ වෙද ආරච්චි තනතුර හෙබවූවෙක්... අලි ඇතුන් පවා මෙල්ල කිරීමේ හැකියාව එතුමන්ට තිබිල තියෙනවා..
ඇගේ වෙද පොත් ස්වල්පයක් අදටත් මා ළඟ සුරක්ෂිතයි.... බොහොමයක් සංස්කෘත බසින් ලියැවී ඇත්තේ.. සිංහල බසින් ලියැවුණු පොත් මා අවස්ථාව ලැබෙන පරිදි භාවිතා කරනවා...
වෙද හාමිනේ අදයි මේ ඉසව්ව ඇස ගැටුණේ... කදිමයි.. මෙතැන තියෙන්නේ මා ලියු වෙද මහතෙකු ගැන ලිපියක්.
ReplyDeleteදේශීය නාඩි වෙදකමේ විස්මය මේතැනින් කියවන්න
පර සුද්දො 1940 ගනන් වල මේ රටට නීතියක් ගෙනාවා.ඒකෙ නම ආයුර්වේද පනත.ඒකට අනුව මේ රටේ ඉන්න සියලුම දේශීය වෙදමහත්තුරුන් එහි ලියාපදින්චි වෙන එක අනිවාර් ය උනා.ඒකේ යම් නීති පද්දතියක් තියනවා.ඒකට අනුව ලන්කාවේ බොහෝ හෙල වෙදමහත්තුරුන්ට වෙදකම අත අරින්න හෝ නැතිනම් ආයුර්වේද වෙදකමත් ඉගෙන ගෙන එහි ලියා පදින්චි වෙන්න උනා.හෙල වෙදකමේ පරිහානියට මෙය ගොඩක් බලපැව.අදටත් මම දන්න විදිහට සියලුම දේශිය වෙදුන් ආයුර්වේද සබාවේ ලියාපදින්චි වීම අනිවාර්යයි.මුන් තාම දන්නෙ නැ හෙල වෙදකම සහ ආයුර්වේද වෙදකම එකක් නෙවෙයි දෙකක් කියලා.අදටත් මේ කෙහෙල්මල් පනත් අයින්කරගෙන මේ හෙල වෙදකම නගා සිටුවන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නැ.
ReplyDeleteas gedi dekata hena gahilada sihalunne
ReplyDeletes . mahinda himi
Wynn Palace to reopen buffet, dining room & event center - JTM
ReplyDeleteThe Wynn Palace Las Vegas resort has announced that it 여수 출장샵 will reopen its 시흥 출장마사지 buffet on Thursday, 경상북도 출장마사지 May 21, 김해 출장마사지 2021, following a $400 million investment 당진 출장마사지