සේරුවිල සිට නැවතත් ලියමි


වෙදහාමිනේ සේරුවිලට ගියාට පස්සෙ බ්ලොග් ලියනකම් බලාගෙන හිටපු බොහෝ දෙනා ඊමේල් වලිනුත් පෞද්ගලිකව දන්න කියන අය දුරකථන ඇමතුම් වලිනුත් විමසීම් කරල තිබුණා. බොහෝ දෙනා අනුමාන කරපු විදියට බ්ලොග් සටහන් නොලියන්න හේතු වුණේ ඩයලොග් සබදතාවයේ දුර්වල කම් නම් නෙවී. විදුලිය සම්බන්ධතාවය නොමැති කම තමා ඊට ප්‍රධානම හේතුව වුණේ. අපි සේරුවිලට යද්දි අපේ නවාතැනට විදුලිය ලබාදීල තිබුණා.හැබැයි ඒ විධිමත් විදියට මීටර් සවිකරල නෙවෙයි, ප්‍රධාන කම්බියට අමුණපු වයර් එකක් හරහා නීති විරෝධී ක්‍රමයට. යුද්ධය පැවතුනු සමයේ සිටම නැගෙනහිර පළාතේ බොහෝ රජයේ හා පෞද්ගලික ආයතන හා නිවාස වලට විදුලිය ලබාගෙන තිබුණෙ ඒ ක්‍රමයට තමයි. අද වෙනකොටත් ඒ විදියට විදුලිය භාවිතා කරන තැන් මේ ප්‍රදේශයේ ඇවිදින කොට දකින්න පුඵුවන්.
සේරුවිලට ගිය අපි අපේ බඩු බාහිරාදිය අස්පස් කරල ඉවර වෙලා පහුවදා උදේ නිවසේ කිරි උතුරවන්න යද්දි විදුලි බල මණ්ඩලයේ සේවක පිරිසක් ඇවිත් අපේ නිවසෙත් , ප්‍රදේශයේ අනෙත් තැන් වලත් විදුලිය කම්බි කපාගෙන ගලවගෙන ගියා. සමහර විට ඔයාලට මතකත් ඇති විදුලි බල ඇමතිතුමාගේ නියෝගය පරිදි කරපු වැටලීමකින් රටපුරා නීති විරෝධී විදුලි සබදතා ඉවත් කලා කියල පත්තර වල රේඩියෝ වල කිව්වෙ එදා. අපි එම නිවසේ පදිංචියට ආවෙ එදා කියල යාන්තම් පැහැදිල කරල දෙන්න පුලුවන් වුණු නිසා නඩු හබ වලට නොගිහින් ගොඩින් බේරෙන්න හැකියාවක්
අපට ලැබුණා. පස්සෙ නව විදුලිය සබදතාවයක් අයදුම් කළත් උදේ හවස රේඩියෝ වල පත්තර වල පතුරු අරින නැගෙනහිර නවෝදයේ කාර්යක්ෂමතාවය පැනයකට ලක් කරමින් විවිධ හේතු දක්වන නිළධාරීන් නිසා අපේ නවාතැනට මේ ලියන මොහොත වෙනතුරු විදුලිය ලැබිල නෑ.
අවසානයේ නගරයේ ව්‍යාපාරික ගෙඩනැගිල්ලක් කුලියට ගෙන එහි ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අපට සිදුවුණා. පසුගිය ජනවාරි 15දා තමයි ඒ කටයුතු ඇරඹුණේ. එහෙනම් ඉතින් සුපුරුදු බ්ලොග් ලිපියකින් හෙට අනිද්දාම හමුවෙන්නට පොරොන්දු වෙමින් බ්ලොග් නොලීවීමට බලපෑ හේතු දැක්වීම මෙයින් අවසන් කරනවා.

Email - nagarjunaherble@gmail.com

2 comments:

  1. වෙදහාමිනේ බ්ලොග් එක පැත්තෙ ගොඩවැදිල වගෙයි, කාලෙකට පස්සෙ! කොච්චර දුෂ්කරතා මැද්දෙ වුනත් පුලු පුලුවන් වෙලාවට අපිට යම් දැනුමක් ලබාදෙන්න වෙදහාමිනේට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  2. අද තමයි ඔන්න මුලින්ම ආවෙ. දිගටම ලියන්න. සුභපැතුම්

    ReplyDelete