ප්‍රවීණ හෙළ වෙදදුරෙකු අවසන් ගමනේ

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ විද්‍යානිධි වෛද්‍යාචාර්ය ඩබ්ලිව්. අයි. ප‍්‍රනාන්දු (95) මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු ඉපැදුනේ 1917.10.25 වැනිදාය.අඩසිය වසකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි ප‍්‍රනාන්දු මහතා රණසිංහ පේ‍්‍රමදාස ජනපති යුගයේදී (1989) පාර්ලිමේන්තුවට පත්කැරිණ.වාද්දුව මැලෑගම වෙද පරපුරේ සාමාජියකු වූ ඔහු 1976-94 කාලයේදී සමස්ත ලංකා ආයුර්වේද සම්මේලනයේ ප‍්‍රධාන සභාපතිවරයා විය. සර්වාංග වෛද්‍යවරයකු වූ ඔහු ඇස් වෙදකමේ විශේෂඥයෙක් ද විය. දේහය දෙහිවල පෙයාර්ලයින් පාරේ අංක 15 දරණ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී බ‍්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය. වෙදහාමිනේ අධ්‍යාපනය ලැබූ මරදාන වෛද්‍ය මහා මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන සහ වර්තමාන සභාපති වරයා වන වත්තගේ මහතාගේ පියානන් වන මෙතුමාගේ අවසන්කටයුතු පැය 24ක් තුළ සිදුකරන බව දැක්වෙන නිසා එයට සහභාගී වීමට නොහැකි වීම ගැන වෙදහාමිනේ බෙහෙවින්ම කණගාටු වෙනවා. ඒ වගේම මෙම අවස්ථාවේ ඊට එක්වෙන වෛද්‍ය මහා මණ්ඩල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෛද්‍ය මහා මණ්ඩලයේ වර්තමාන බිඳ වැටීම් ගැන අවධානය යොමුකර එහි ප්‍රගමනයට එක්රොක් වීමට අධිශ්ඨාන කර ගන්නවානම් එය වඩාත් සුභදායි වනු ඇතැයි සිතනවා. කොළඹ හා ඒ අවට සිටින ආයුර්වේද වෛද්‍ය සහෘදයින් මෙම අවමඟුල් අවස්ථාවට සහභාගී වන මෙන් වෙදහාමිනේ කාරැණික ඉල්ලීමක් කරනවා. Email - nagarjunaherble@gmail.com

3 comments:

  1. METHUMATA NIWANSUWA PATHAMI.

    ReplyDelete
  2. මම බටහිර වෙදකම ඉගෙනගන්නා සිසුවෙකු වුණත් මට මේ දේශී‍ය ක්‍රම ගැන ලොකු විශ්වාස‍යක් ති‍යෙනවා. මේ ක්‍රම තවත් ප්‍රචලිත කිරීමට මේ ගැන ති‍යෙන ලිපි, නිවැරදි ආ‍යුර්වේද පොත්පත, ඔබගේ බ්ලොග් ලිපි pdf කර නොමිලේ බාගත කළ හැකි පරිදි අන්තරජාල‍යට එක් කරන්න. එතකොට මේ ගැන උනන්දු අ‍යට ගොඩාක් ප්‍ර‍යෝජනවත් වේවි.දිගටම ලි‍යන්න. ඔබට ජ‍ය !

    ReplyDelete