දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා
ඔබ විවාහකයෙක් නම් ඔබේ ඊළඟ අරමුණ සුන්දර දරු සිඟිත්තෙකු කැදැල්ලට කැඳවා ගෙන ඒම. ඒක එහෙම නම් ඔබට මේ ලිපිය වැදගත්. ඔබ ඔබේ දරුවා හදා වඩා ගන්නේ කාගේ වුවමනාවටද? අතීතයේදී නම් ඔබේ දරුවා හදාගන්න ඔබට උපදෙස් අනුශාසනා දෙන්නේ ඔබ දෙපළගේ මව්වරු හෝ වැඩිමහල් සොයුරියන්. නාවන හැටි, කිරි පොවන හැටි, බෙහෙත් දෙන හැටි, කෑම බීම සකසන විදිය ආදිය ගැන දැන හුරුවෙන්, කළ හුරුවෙන් උපදෙස් ලබාදුන්නේ ඒ අය. ඒත් අද දවස වෙද්දි ඒ කාර්යය පැවරිලා තියෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවට හෝ වෛද්‍යවරයාට.අද දවසේ බටහිර වෛද්‍යවරු කියන්නේ සමාගම් ගණනාවක අලෙවි නියෝජිතයින්. දරුවාට දෙන යෝගට් එකේ ඉඳල කිරිපිටි වර්ගයේ විටමින් වර්ගයේ වෙලඳ නාමය තිරණය කරන්නේ ඔවුන්. එතැනදී බටහිර වෛද්‍යවරුන් බොහොමයක් තමන්ගේ වෘත්තීය ගරුත්වය පැත්තකට දාලා තමන්ගේ පාරිභෝගිකයින් (රෝගීන් කියන්න බැරි ඔවුන්ගෙ තියෙන්නේ වාණිජ අරමුණක් නිසා) අවස්ථානුකූලව තෘප්තිමත් කරලා දිගුකාලීන වෙලඳපොලක් තනාගන්නවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දහසින් බැඳි පියළි වලින් තමන්ගේ ප්‍රභාව වර්ධනය කරගෙන ඒකම යළි යළිත් පාවිච්චි කරන්නේ තමන්ගේ වෙළඳ ආයතන පෝෂණය කරන්න.
වර්තමාන ක්‍රමවේදය අනුව ගර්භීණී භාවය භයානක අවස්ථාවක් හැටියට හඳුන්වලා දීලා ඉක්මන් ලියාපදිංචි වීම්, පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුම්වත් කිරීම්, සායනයට සහභාගී වීම් ආදිය වහාම ක්‍රියාත්මකකළ යුතු දේවල් හැටියට දක්වලා ආරම්භයේ සිටම වෛද්‍යවරයාගේ අත්අඩංගුවට ගැබිණී මවව පත් කර ගන්නවා. එතැන් සිට නියම කරන යකඩ පෙත්තේ ඉඳල දරුවට මාස හයක් හතක් පහු වෙනකම් මේ අත්අඩංගුව ඒ විදියටම ක්‍රියාත්මකයි. (පෞද්ලිකව වෙදහාමිනේ නම් යකඩ පෙති බිව්වෙවත්, වෛද්‍යවරු චැනල් කළේ වත් , ස්කෑන් කලේ වත් නෑ. හැබැයි නිසි අවබෝධයෙන් තොරව ඔබට එහෙම නොකර ඉන්න යෝජනා කරන්නෙත් නෑ.) දරුවා ලැබුණාට පස්සේ කායම් හොද්ද හදන තැන ඉඳල, වෙනිවැල්ගැට තම්බා නෑවීම්, රන් කිරි කට ගෑම්, ගම්මිරිස් පිඹීම්, රත කල්කය දීම් සමහර තැන් වල දෙමව් පිය වැඩිහිටි අවබෝධයෙන්
අද දක්වා කෙරුණත් ඒවා කෙරෙන්නේ වෛද්‍යවරුන්ට, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට රහසේ. මොකද දැනගත්තොත් දහසකුත් ප්‍රශ්ණ. සායනයෙදි පසිද්ධියේ බැණ වැදීම් දක්වා මේ තත්වය උඩු දුවන තත්වයක් තමා අද වන විට තියෙන්නේ. (හැබැයි සිංහල අපි අපේ සාම්ප්‍රදායික වත් පිළිවෙත් පහත් කරල මඟ ඇරල ගියාට දෙමළ ජනතාව මොන ප්‍රශ්ණ මැද වුණත් තම සාම්ප්‍රදායික වත් පිළිවෙත් නවජාත බිළිඳුන් වෙනුවෙන් අනිවාර්යයෙන් කරන්න එඩිතරයි.) රජයේ සායන වලින් බැහැරව පෞද්ගලික චැනල් වෛද්‍යවරයාගෙන් පවා මේ වත් පිළිවෙත් කරන්නද ඇහුවොත් “ඇයි ඒවා දෙන්නේ.. අපේ බෙහෙත් හොඳ නැද්ද?“ “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ වගේ සෘණාත්මක ප්‍රතිචාර තමා ලැබෙන්නේ.
අද දවසේ වෙදහාමිනේ සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ කුඩා දරුවන්ට දෙන රත කල්කය ගැන. රත කල්කය කියන්නේ මොකද්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි? දිය යුත්තේ කොපමණ මාත්‍රාවකින්ද? වගේ දේවල් තමා වෙද හාමිනේ මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ.
රත කල්කයට දෙසඳුන් කල්කය කියලත් කියනවා. එහෙම කියන්නේ රත් හඳුන් හා සුදු හඳුන් කියන දෙවර්ගයම මෙම කල්කය සැදීමට වැඩි ප්‍රතිශතයකින් භාවිත කරන නිසා. ඊට අමතරව කොල්ලු, වදකහ, වැල්මී, සහිඳ ලුණු හා දෙහි යුෂ විවිධ අනුපාත වලින් යොදාගෙන නිශ්චිත පියවර ගණනාවක් ක්‍රමිකව පසුකරලා තමා මේ කල්කය හදන්නේ. (වෙදහාමිනේ මේ ක්‍රමවේදය පියවරෙන් පියවරට විස්තර කරන්න දැනගත්තත් මෙවන් පොදු ලිපියකින් එවැනි හෙළි කිරීම් කරල බහුජාතික සමගම් හොරුන්ට වට්ටෝරු දන්දීලා අපේ දේවල් අහිමි කර ගන්න උවමනාවක් නැති නිසා එහෙම කරන්නේ නැ. ) කාලෙකට කලින් ගමේ වෙදගෙදරක දි වුණත් අද දවසෙදි මහා පරිමාණ නිෂ්පාදනාගාර වල වුණත් රත කල්කය හැදෙන්නේ අනෙක් කල්ක වලට වඩා විශේෂ අවධානයකින්. ඒකට හේතුව තමා රත කල්කය නවජාත(අළුත උපන්) බිළිඳුන් සඳහාත් භාවිතා කරන ඖෂධයක් වීම. හැබැයි රත කල්කය ලබාදෙන්නේ නවජාත බිළිඳුන් සඳහා පමණක් නොවෙයි. තරමක් වැඩුණු දරුවන්ගේ ඉඳලා වැඩැහිටියන් දක්වාම රත කල්කය දෙන්න පුළුවන්. රතකල්කය සැදීමේදි යොදාගන්නා ඖෂධ සියුම්ව අඹරනවා. මේ නිසා තමා
බටහිර වෛද්‍ය වරු “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ යන චෝදනාව රත කල්කයට එරෙහිව ගේන්නේ. හැබැයි අද දවසෙදි අපි කන හාල් ඇටයක් ගානේ ආසනික් තියෙද්දි, කන එළවළුවක් ගානේ තව විවිධ රසායන බැර ලෝහ තියෙද්දි, මාළු කෑල්ලක ෆෝමලින් තියෙද්දි මේ කිසි දෙයක් මව් කිරි හරහා බිළිඳු ශරීරයට සංක්‍රමණය නොවෙනවා කියලා බටහිර වෛද්‍යවරු හිතනවාද? එහෙම තියෙද්දි ගලේ අඹරලා හදන
රතකල්කේ කන්හැන්දක ගල්කුඩු හානිකර විදියට තියෙන්න පුළුවන්ද? අනෙක ගෙදරක මිරිස් ගලක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා, හැමදාම භාවිතා කරන මිරිස් ගලක් අඟල් කාලක් ගෙවෙන්න අවුරුදු දහයක් දොළහක් ගතවෙනවා. එහෙම නම් පැයක් දෙකක් බෙහෙත් අඹරද්දි ගෙවෙන්නේ කොච්චර කුඩා කොටසක්ද කියලා. බටහිර වෛද්‍යවරු ආඩම්බරයෙන් නිර්දෙශ කරන ලෝක ප්‍රකට වෙළඳ නාම සහිත නිෂ්පාදන වල ප්‍රමිතිය ගැන අදටත් ප්‍රශ්ණ තියෙනවා. ඒත් අලංකාර දැන්වීම් කරණයෙන් නිලංකාර වෙලා අපේ දේට ඇඟිල්ල දිගුකරන බටහිර වෛද්‍යවරුත් නටන මොණරුන් වගේ. ලස්සන ඉස්සරහ විතරයි.
නියමිත බර ඇතිව වෙනත් සංකූලතා කිසිත් නැති නවජාත බිළිඳෙකුට දින 21ක් සම්පූර්ණ වූ පසු රතකල්කය දීම ආරම්භ කළ හැකියි. ඒ සඳහා සුදුසුකම් සහිත දේශීය වෛද්‍යවරයෙකු වෙත දරුවා ඉදිරිපත් කර මාත්‍රාව හා අවස්ථා ගණන තිරණය කළ හැකියි. වෛද්‍යවරයෙකු ගාවට නොගිහින් සමහර අවස්ථා වල නිවසේදීම රත කල්කය දෙන අවස්ථාත් තියෙනවා. නමුත් වෙදහාමිනේ කියන්නේ නම් දරුවා දෛශීය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීම වඩා සුදුසු බවයි. පිළිගත් දේශීය වෛද්‍යවරයෙකු යෝජනා කරන ඕනෑම නිෂ්පාදකයෙකුගේ රතකල්කය ඇසුරුමක් දරුවා වෙනුවෙන් භාවිතා කරන්න පසුබට වෙන්න එපා. මොකද සෑම ආයුර්වේද නිෂ්පාදකයෙකම නියම ප්‍රමිතියෙන් මේ දේ සකසනවා. සාමාන්‍යෙයන් රත කල්කය ඇසුරුමක් ග්‍රෑම් 50ක්. මෙය වසර දෙකක පමණ කල් ඉකුත්වීමේ කාලයකින් යුක්තයි. ගෙදර ගෙන ආ පසුව හොඳින් සෝදා අව්වේ වියලාගත් වැසුම් සහිත භාජනයක රඳවා තබා වෛද්‍ය උපදෙස් මත නිසි කාල පරාසයකින් භාවිතයට ගැනීම සුදුසුයි. දින 21 බිළිඳෙකුට නම් නිර්දේශ කරන්නේ කොත්තමල්ලි ඇටයෙන් භාගයක තරම් ප්‍රමාණයක්. සංකූලතා සහිත දරුවෙක් නම් ටික දිනක් පමා කරලා සංකූලතා පහවූ පසු තමා රත කල්කය භාවිතා කරන්නේ. “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ කියලා බටහිර වෛද්‍යවරු තර්ක කරන්නේ ඔය කාරණය තමා.
බටහිර වෛද්‍ය ක්‍රමයෙදි රෝගයකට ප්‍රතිකාර ලෙස ඖෂධ යොදාගන්නවා මිසෙක රෝග බෝවීම වැලැක්වීමට (එන්නත් හා පෝලියෝ බින්දු හැර) වෙනත් ඖෂධ භාවිතයක් නැහැ. දරුවෙකු ස්වභාවිකව බිහිවීමේදී ප්‍රසව මාර්ගයේදී සහ මුල්ම කිරි වල අඩංගු ප්‍රතිශක්ති කරණ ගුණයන්ගෙන් පසු ආයුර්වේදයෙන් නිර්දේශ කරන පළමු ප්‍රතිශක්තීකරන ඖෂධය තමා රත කල්කය. මේකෛන් වෙන්නේ ළදරු අවධියේ නිතර මතුවෙන ජීර්ණ අපහසුතා, උණ ගැනීම්, සමේ රෝග,රුධිර ගත විෂ හා සෙම ආදිය සමනය කිරීම. නිකමට මාස 6ට අඩු දරුවෙක් ඉන්න මවක් නම් ඔබ ඉහත හේතු නිසා (මතුවන රෝග ලක්ෂණ වන බඩ පිපුම, අජීර්ණය, කිරිවමනය, මළ බද්ධය, හමේ බිබිළි, සෙම, හෙම්බිරිස්සාව, තුවාල, වණ, උණ, ඇස්වල කබ.....)කී වරක් දරු පැටියා වෛද්‍යවරයා ළඟට රැගෙන යනවාද කියලා. ඉතින් රත කල්කය නිසි ලෙස භාවිතයෙන් සිද්ධ වෙන්නේ මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට අවස්ථා අහිමි වීම. ඉතින් මොන බටහිර වෛද්‍යවරයාද කැමති තමන්ගේ
පාරිභෝගිකයෙක් අඩු වීමට. මේ නිසා තමා ඔවුන් “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ යැයි පවසමින් මේක ලබාදීම වැලැක්වීමට උත්සහ කරන්නේ.
රත කල්කය දෙන මාත්‍රාව සඳහන් කළත් තාම දෙන විදිය කිව්වෙ නෑනේ. රත කල්කය විතරක් නෙවෙයි වෙනත් ඕනෑම දෙයක් නවජාත දරුවෙකුට ලබාදෙද්දි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ පිරිසිදු කම. මව් කිරී දීමේදී පවා ඒක වැදගත්. මේ පිරිසිදු කම ගැන මව්වරු නොසිතීම නිසා දැන් මාතෘ සායන වලදි දරුවාට මාස6ක් දක්වා වතුර වත් පොවන්න එපා කියලා කියන්න තරම් වෛද්‍යවරු පෙළඹිලා. මුලින්ම නටන වතුරෙන් සේදූ තේ හැන්දකට මව් කිරි බිංදු 03-04ක් දොවාගෙන ඊට රත කල්කය නිර්දේශිත ප්‍රමාණය දියකරගන්න. එය කලින් සෝදා වේලාගත් කපුරෙද්දකින් නැවත හැන්දට පෙරාගෙන ලැබෙන ද්‍රාවණය දරුවාගේ දිවේ ගා වහාම මව් කිරි දෙන්න. මේ මාස තුනට වඩා අඩු දරුවන්ට රත කල්කය දෙන ක්‍රමය.ඊට වැඩි දරුවන්ට රතකල්ක ප්‍රමාණය කෙළින්ම දිවේ තවරා මව් කිරි දිය හැකියි. මව් කිරි වෙනුවට කොත්තමල්ලි තැම්බූ වතුරත් භාවිතා කළ හැකියි.
ඔන්න ඉතින් රත කල්කය ගැන කිව යුතු සියළු දේ කියලා ඉවරයි. හැබැයි ඉතින් පිළිගත වෛද්‍යවරයෙකු නිර්දේශ කරපු ප්‍රමාණයට වඩා අඩු මාත්‍රාවක්, අඩු වාර ගණනක් භාවිතා කරලා නිසි ප්‍රත්ඵල බලාපොරොත්තු වෙන්න එපා. රත කල්කය විතරක් නෙවෙයි මොනම ඖෂධයක් වත් නිසි මාත්‍රාවට වඩා අඩුවෙන් භාවිතා කරන්න එපා. එතකොට ලැබෙන සහනය තාවකාලිකයි. ඒ වගේම අපේ උරුමය, අපේ අයිතිය අපේ අවශයතා වෙනුවෙන් භාවිතා කරන්න එඩිතර වන්න. නිදහස් සෞඛ්‍ය සේවය කියල දෙයක් අපිට ලැබුණට ඒක ජාත්‍යන්තර බූවල්ලෙකුගේ දළ දඩු ග්‍රහණයට නතුවෙලා ඉවරයි. ඒක තුළ සැළසුම් සකස් වෙන්නේ අපේ ජනතාවට අවශ්‍ය විදියට නොවෙයි. වෙනත් විදේශ බලවේග වලට අවශ්‍ය විදියට. එහෙම සැලසුම් සකස් කරල ක්‍රියාත්මක කරන ගමන් අනෙක් පසින් වෙනත් මානයන්ගෙන් අපේ උරුමය එයාලගෙ කරගන්න සියුම් උත්සාහයක් ගන්නවා. එහෙම ගන්න බැරිනම් ලොකු වටිනාකමක් පෙන්වා විනාශ කිරීමක් දක්වා වුණත් යන්න ඒ බලවේග ක්‍රියාත්මකයි. කබර හූනන්, වල්ලාපට්ටා හා රතු කරපිංචා හරහා ක්‍රියාත්මක වෙන්නේ ඒ දේ තමා. ඉතින් හිතන්න, අපිම අපේ දේ වෙනුවෙන් පෙනී සිට රැක ගන්නවාද? නැතිනම්
අනෙකෙකුගේ වුවමනාවට අපි අපේ අධ්‍යාත්මය දිය කර ගන්නවාද කියා?
වෙදහාමිනේගේ ඩිස්පැන්සරිය ඉස්සරහ රෝගීන් පෝලිම් නොගැසෙන තරමට වෙදහාමිනේ සතුටුයි. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ අනේ මට ආදායම නැහැ කියා නොවෙයි. අද මේ රටේ ගොඩක් දෙනා සුවෙන් හා සතුටෙන් ඇති කියලයි. ඒත් හවස් වරුවට හන්දි හන්දි ගානේ බටහිර දොස්තර වරු ගාව හුස්ම ගන්න බැරි දරු පැටව් වඩාගෙන, වේදනාවෙන් ඉකි ගහන දරු පැටව් වඩාගෙන දොස්තරල එනකම් රැස්කකා බලාගෙන ඉන්න අම්මලාගෙ මලානික මුහුණු දකිද්දි ඔවුනගේ අනවබෝධය ගැන සියුම් කණගාටුවක් වෙද හාමිනේගේ ශරීරය පුරා විදුලියක් වගේ දුවනවා. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ “අනේ මගේ දරු පැටව් දෙන්නා කොච්චර වාසනාවන්තද“ කියලා මිසෙක වෙන දෙයක් නොවෙයි.
Email - nagarjunaherble@gmail.com
වෙදහාමිනේ යළි කරලියට ..... විරාම ලකුණු රැසකට පසු අඛණ්ඩ ලිවීමකට සැරසෙමින්
වෙදහාමිනේගේ අඩවිය - සෑහෙන කාලයක් අළුත් ලිපියක් පළකරන්න අවස්ථාව ලැබුණෙ නෑ. ඒ වෙනුවෙන් වෙදහාමිනේගෙ පැත්තෙන් නිදහසට හේතු දක්වන් අවස්ථාවක් හැටියට තමයි මුල්ම ලිපිය යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ. 2010 අවුරුද්දේ කන්තලේ ගිය වෙදහාමිනේ වසර දෙකක දුෂ්කර කාලයක් ගෙවල ඉවර වෙලා 2012 අවුරුද්දේ ආපහු හුරුපුරුදු ගම්පහ කිට්ටුවට ආවා. ඒ එනකොට ආපහු සාමාන්‍ය රාජකාරී ජීවිතයට හැඩගැහෙන්න උත්සහයක් නොගත්තේ පෞද්ගලික ජීවිතේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙන්න හිතුව නිසා. ඒ නිසා ගෙදර විවේකයෙන් ඉඳගෙන අධ්‍යාපනයේ ඉදිරි කටයුතුත් අළුත් ඖෂධ පන්තීන් ගැන පරීක්ෂණ කිහිපයක ප්‍රායෝගික සාර්ථකත්වය අත්හදා බැලීමත් වගේ සීමිත කටයුතු කිහිපයක් විතරයි සිද්ධ කලේ. 2010 ජනවාරි වල වෙදහාමිනේගේ අඩවිය ලියන්න ගන්න කොට මාස හයක පුංචි පුතෙකුගෙ මවක් වුණු වෙද හාමිනේ දැන් වයස අවුරුද්දක් වුණු තවත් පුංචි පුතෙකුගෙත් මවක් වෙලා. ඒ නිසා පසුගිය 2012 ඉඳල 2014 ජනවාරි වෙනකම් ඔවුනගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පූර්ණ කැපවීමක් කරන්න වෙදහාමිනේ කටයුතු කළා. රාජකාරී තනතුරු තානාන්තර මොනතරම් වටිනවා වුණත් ඒ හැම දේටම වඩා ගෘහණියක් මවක් බිරිඳක් විදිහට ගැහැණියකගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කරන්න මුල්තැන දිය යුතුයි කියලා තමයි වෙදහාමිනේ හිතන්නේ.
2014 ජනවාරි වල වෙදහාමිනේ තමන්ගේ රාජකාරි කටයුතු නැවත පටන් ගත්තා. ඒත් පූර්ණව නෙවෙයි. දැනට දවසක් හැර දවසක් විදියට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෙදහාමිනේ පූර්ණව රාජකාරියට එන්න තවත් මාස කිහිපයක් යාවි. ඒ වුණත් ඊට කලින් බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න වෙදහාමිනේ හිතුවෙ යාවත්කාලින නොවුණත් පසුගිය සමයේ බ්ලොග් අඩවියට ලැබුණු පිවිසීම් හා ප්‍රතිචාර හිතුවටත් වඩා වැඩි මට්ටමක තියෙන නිසා. 2009-10ට සාපේක්ෂව දේශීය හා විදේශීය සිංහල පරිශිලකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසා දැන් බොහෝ දෙනෙක් තමන්ගේ සාමාන්‍ය දෛනික අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාලයේ සහය ලබාගන්න පටන් ඇරගෙන. ඒ නිසා දුරකථනයෙන්, ඊමේල් මඟින් හා ප්‍රතිචාර ලෙස වෙදහාමිනේගෙන් ප්‍රතිකාර ගැන වෙනත් ලෙඩරෝග ගැන වගේම පොදු පැහැදිලි කිරීම් ගැන විමසීම් වල වැඩිවීමක් දක්නට තියෙනවා.
2009දි සිංහලෙන් ආයුර්වේද කතිකාවතක් ඇරඹූ පළමු බ්ලොග් අඩවිය වුණු වෙදහාමිනේගේ අඩවියට පසුව ඊටත් වඩා සක්‍රීයව ක්‍රියාත්මක වුණු වෙනත් ආයුර්වේද බ්ලොග් අඩවි හා වෙබ් අඩවි කිහිපයක් හඳුනාගැනීමේ හැකියාව වෙදහාමිනේටත් ලැබුණා. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඒත් දැනුම ප්‍රාග්ධනය වන ලෝකයක බුද්ධිමය කොල්ලකරුවන් ගහන සමාජයක අපේ දේ සියල්ල අමු අමුවේ වගකීමෙන් තොරව පළකිරීම වෙදහාමිනේ අනුමත කරන ක්‍රමය නොවේ. එවැනි බ්ලොග් අඩවි පවත්වාගෙන යන තරුණ වෛද්‍යවරුන් ඒ ගැනත් අවධානයට ගන්නවානම් හොඳයි කියලයි වෙදහාමිනේගේ යෝජනාව. කොහොම වුණත් අතීතයේදි ඉඩකඩම් වෙනුවෙන් යුද්ධ කෙරුණ වෙනුවට අනාගතයේ දී ප්‍රාග්ධන යුද්ධය සිදුවෙනු ඇත්තේ සයිබර් අවකාශය තුළ. ඒ වෙනුවෙන් වෙදහාමිනෙත් අළුත් විදියට හිතල අන්තර්ජාලය හා පරිගණක මාදුකාංග භාවිතා කරල අළුත් තාලෙ යොමුවීම් කිහිපයකට යෙදෙන්නත් අදහස් කරල තියෙනවා. ඒ ගැන විස්තර ළඟදිම කියන්නම්.
2010 ඉඳල 2014 වෙනකම් දුරකථනයෙන්, ඊමේල් මඟින් තොරතුරු විමසලා දුරු කතර ගෙවාගෙන හොයාගෙන ඇවිත් ප්‍රතිකාර ගත්තු රෝගීන්ටත්, ඈත දුරු රටවල ඉඳල විමසිම් කරලු උදවියටත් බොහෝමත් ස්තූති වන්ත වන ගමන් ඔබේ සමහර විමසීම් සදහා ප්‍රතිචාර පමාවීම හෝ නොලැබීම සිදුවුණා නම් ඒ ගැන කණගාටුවත් වෙදහාමිනේ මේ මොහොතේ සටහහන් කරන්නේ හදවතින්ම නැඟෙන ශෝකයෙන්.
එහෙම නම් කාලෙකට පස්සෙ එන ආයුර්වේද ලිපිය තවත් පැය කිහිපයකින් බලාපොරොත්තු වන්න කියමින් හේතු දැක්වීම අවසන් කරනවා.
Email - nagarjunaherble@gmail.com
ප්‍රවීණ හෙළ වෙදදුරෙකු අවසන් ගමනේ
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ විද්‍යානිධි වෛද්‍යාචාර්ය ඩබ්ලිව්. අයි. ප‍්‍රනාන්දු (95) මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු ඉපැදුනේ 1917.10.25 වැනිදාය.අඩසිය වසකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි ප‍්‍රනාන්දු මහතා රණසිංහ පේ‍්‍රමදාස ජනපති යුගයේදී (1989) පාර්ලිමේන්තුවට පත්කැරිණ.වාද්දුව මැලෑගම වෙද පරපුරේ සාමාජියකු වූ ඔහු 1976-94 කාලයේදී සමස්ත ලංකා ආයුර්වේද සම්මේලනයේ ප‍්‍රධාන සභාපතිවරයා විය.
සර්වාංග වෛද්‍යවරයකු වූ ඔහු ඇස් වෙදකමේ විශේෂඥයෙක් ද විය. දේහය දෙහිවල පෙයාර්ලයින් පාරේ අංක 15 දරණ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී බ‍්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.
වෙදහාමිනේ අධ්‍යාපනය ලැබූ මරදාන වෛද්‍ය මහා මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන සහ වර්තමාන සභාපති වරයා වන වත්තගේ මහතාගේ පියානන් වන මෙතුමාගේ අවසන්කටයුතු පැය 24ක් තුළ සිදුකරන බව දැක්වෙන නිසා එයට සහභාගී වීමට නොහැකි වීම ගැන වෙදහාමිනේ බෙහෙවින්ම කණගාටු වෙනවා. ඒ වගේම මෙම අවස්ථාවේ ඊට එක්වෙන වෛද්‍ය මහා මණ්ඩල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෛද්‍ය මහා මණ්ඩලයේ වර්තමාන බිඳ වැටීම් ගැන අවධානය යොමුකර එහි ප්‍රගමනයට එක්රොක් වීමට අධිශ්ඨාන කර ගන්නවානම් එය වඩාත් සුභදායි වනු ඇතැයි සිතනවා. කොළඹ හා ඒ අවට සිටින ආයුර්වේද වෛද්‍ය සහෘදයින් මෙම අවමඟුල් අවස්ථාවට සහභාගී වන මෙන් වෙදහාමිනේ කාරැණික ඉල්ලීමක් කරනවා.
Email - nagarjunaherble@gmail.com
මඟුලේ යන්නන් දැකලා - නාග විසට නස්න කළා
මඟුලේ යන්නන් දැකලා-කුඹුරේ මඩ කලල් කලා
වැස්සට පැලයට ඉඳලා - නාග විසට නස්න කලා
ඉහත කවිය ගැන ඔබට මොනවද හිතෙන්නේ. එහි අවසාන පදය නිසා නොවෙන්න ඒක ඖෂධ වට්ටෝරුවක් කියල සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැහැ. ඉහත කවිය ආයුර්වේදයේ සිංහල වෙදකම කියන කොටසට අයත් "වෙදගැට" නමින් හදුන්වන සාහිත්‍යාංගයක්.අපේ සංස්කෘතියෙ අපිටම ආවේණික සාහිත්‍යාංගය තමයි - කවිය. ඒ නිසාම සිංහල වෙදකමේ බොහෝ මුඛපරම්පරාගත රහස් වට්ටෝරු පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආවෙ කවි වලින්. යම් කිසි කාලෙකදි එහි අනාගත අවදානම අවබෝධ කරගත්තු අපේ පැරැන්නන් මේවා ලිඛිතව සංරක්ෂණය කරන්න පුස්කොළ පොත් වල, සෙල්ලිපි වල සටහන් කරල තියෙනවා. එදා අතීතයේ අපේ ලෙඩට දුකට තිබුණු එකම පිළියම අපේ වෙදකම වූ නිසාම එදා ඒ ගැන කරපු අත්හදා බැලීම්, නව සොයාගැනීම් වගේම භාවිතා කිරීමත් අදට වඩා උනන්දුවෙන් සිද්ධ වෙලා තියෙනවා.අද අපිට වෙනත් විකල්පයක් හැටියට "ඇලොපති වෛද්‍ය ක්‍රමය" තියෙන නිසා ආයුර්වේදයේ නැතිනම් සිංහල වෙදකමේ වැදගත්කම අඩුවෙලා ගිහින් තියෙනවා. ඒ නිසා නව පර්යේෂණ සිදුකිරීම්, අත්හදා බැලීම් එහෙම සිද්ධ වෙනවා අඩුයි. ඒවා සිදු වුණත් බොහෝදුරට ඒ උපාධි නිබන්ධනයකට, පන්ති සාමාර්ථයකට,
උසස් වීමකට අදාළව කෙරෙන අතපත ගෑමේ පර්යේෂණ විතරයි. අවසානයේ ඒ පර්යේෂණ වාර්තාවත් නවතින්නේ "ඇලොපති" බෙහෙත් පෙති කොම්පැණියක දෙපා මුල ලොකු මුදල් කුට්ටියක් ළඟ.

සුද්දගේ ගාව තියෙන එකම හොඳ දේ හැටියට වෙදහාමිනේ දකින "සංවිධානාත්මක බව" අපේ සංස්කෘතිය තුළ අපිට පිහිටල තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒකට මූලිකම හේතුව අපි හැමෝම තමන් සතු ජාතික වගකීම හඳුනා නොගැනීම. මේ දේවල් අපේය. එය අනෙකා විසින් රකිනාතුරු නොසිට රැක ගත යුතුය-තමාගේ ඇවෑමෙන් මෙය ඉදිරි පරම්පරාවට භාරදිය යුතුය කියන "ජාතික මෙහෙවර" අපේ පාරම්පරික වෛද්‍යවරුන් හා වැඩිහිටියන් අතින් සිදු නොවීම ජාතියේ අවාසනාවක්. බොහොමයක් වැඩිහිටියෝ තමන්ගේ දෙවැනි පරම්පරාවට තමන් දන්නා දැනුමෙන් කොටසක් හංගාගෙන කොටසක් පමණක් ලබාදීම ඇත්තටම ඛේදවාචකයක්.
ඒක වෛද්‍ය දැනුමට විතරක් නෙවෙයි දරු නැලවිලි ගී වගේ සරල දේවලට පවා ඉහලින්ම අදාලයි. නිකමට හිතල බලන්න ඔබේ අත්තම්මා/ අම්මා ඔබව නලවපු නැලවිලි ගී වලින් කීයක් ඔබගේ දරුවාව නලවන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් වුණාද කියලා. එක්කෝ ඔබ ඒ ටික වැඩිහිටියන්ගෙන් අහගත්තේ නෑ. නැත්නම් වැඩිහිටියෝ ඔබට කියල දුන්නේ නෑ. මේ පරම්පරා ගැටුමෙන් අහිමි වෙලා යන්නේ අපේ උරුමය බව නම් අමතක කරන්න එපා. අවසානයේදී වසර දෙදහස් පන්සීයක උරුමය ගැන අපේ අතීත පුරාජේරු කතා එහෙමම තියෙද්දි , ඇමරිකාවෙ මැදිහත් වීමෙන් සංරක්ෂණය කරපු සිද්ධස්ථාන ගඩොල් කඳු වෙද්දි, අපේ අධ්‍යාත්මය අන්තරස්දාන වෙලා තියේවි. ඇමරිකාව හරි යුනෙස්කෝව හරි ඇවිත් අපේ උරුමය වනපොත් කරගෙන යනකම් ඉන්නෙ නැතිව තම තමන්ගේ වගකීමක් හැටියට හිතල පැරණි පරම්පරාවේ සැඟවුණු දැනුම අදම ඔබේ අතට ගන්නත් ඒවා අවශ්‍ය විට නිවැරදිව භාවිතා කරන්නත් ගුරු මුෂ්ඨි තියාගන්නෙ නැතිව ඒවා ඊළඟ පරම්පරාවට දෙන්නත් අදම හිතට ගන්න.(හිතට අරන් විතරක් මදි. අදම ක්‍රියාත්මක වෙන්න.)
අද සමාජ ක්‍රමයේ හැටියට වෛද්‍යවරයෙක් දන්නෙ වෛද්‍ය කර්මයට අදාළ දේවල් විතරයි. නීතීඥයෙක් දන්නේඒ කේෂ්ත්‍රයට අදාළ දේවල් විතරයි. පෙදරේරුවෙක් දන්නේ තමන්ගේ වපසරියට අවශ්‍ය දේවල් විතරයි. ඒත් අපේ පැරැන්නන්ගේ කාලෙ එහෙම නෙවෙයි. හැමෝම ආගමික, වෛද්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, කෘෂි කර්ම, ශිල්ප දැනුමෙන් පරිපූර්ණ වෙලා හිටියා. ටිකක් හිතල බලන්න ඔබේ පියා වෙදෙක් නොවුණත් වෙදකමේ යම් යම් දේවල් දැනගෙන හිටියා. වඩුවෙක් නොවුණත් වහලෙ කුරුපා ගැන, ගෙයි උළුවස්සෙ නීති ගැන දැනගෙන හිටිය. හදීසියකට ලෑලි කෑලි ටිකක් පුරුද්දල මේස කෑල්ලක් ගහ ගන්න හැකියාවක් ඔහුට තිබ්බ. අද මොකද වෙලා තියෙන්නේ? ඔබ වඩුවෙක් නෙවෙයි නම් ඔබට ඒ දේ පුළුවන්ද? ගෙයක් හදන්න ගෘහ නිර්මාණ ශිල්පියෙකුට භාරදීල පැත්තකට වෙලා ඉන්න ඔබ ඒ ගැන පාරම්පරික හෝ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට ටිකක් වත් උනන්දු වෙනවාද? නෑ. හෙට දවසේ ඔබේ දරුවාට ලෑල්ලකට ඇණයක් ගහන හැටි කියල දෙන්නත් පාසලට විෂය නිර්දේශ ගේනකම් ඉන්න වෙයිකියල හිතෙන්නේ නැද්ද?විහිළුවක් නෙවෙයි එදා අපි තනියෙම හදාගත්ත සරුංගලේ හදාගන්න අද දවසේ ඔබේ පුතාට පුළුවන්ද? ඒකත් අද විෂය නිර්දේශයේ කොටසක්. ඒ වුණත් පාසලේදී සේරුව හරියට සමබර කරල , සව් කොළ අලවල, රැලි ටික දාල සරුංගලය හදන්න කාල පරිච්ඡේදයේ ඉඩ මදි වුනොත් ඉතිරි ටික කියල දෙන්න ඔබට පුළුවන්ද? ඒ ටික බැරි නිසා තමයි, චීනගෙ මකර සරුංගලේ ගම් දනව් පුරා කඩපිලවල් වල හරි හරියට විකිණෙන්නෙ.
අපි ආපහු පාරම්පරික වෙද දැනුම ගැන කතා කරමු. රොබට් නොක්ස් කියන විදෙස් සිරකරුවා තමන්ගේ ග්‍රන්ථයක (පරිවර්තන කෘතිය - එදා හෙළදිව,ඩේවිඩ් කරුණාතිලක ,ගුණසේන ප්‍රකාශණ) සදහන් කරල තියෙන විදියට අපේ රටේ හැම ගැමියෙක්ම වෙදෙක් බවත්, බතක් ඉදෙන ප්‍රමාදයෙන් කැඩුණු අස්ථියක් පෑහීමට හැකි ඖෂධ ඔවුන් දැන සිටි බවත් සඳහන් කරල තියෙනවා. අපේ අත්තම්මලා සීයලා අනිවාර්යයෙනුත්- 77 ආර්ථික පෙරළියේ අවිචාරවත් ගොදුරු බවට පත් නොවුනනම් අම්මල, තාත්තලත් අනිවාර්ය වෙද්දු. මොකද එයාල හැමෝම මොනවාහරි අසනීපයකට ගොඩ වෙදකමක්, කෙමක්, අත් බෙහෙතක්, පත්තුවක් මැල්ලුමක්, තෙල් සාත්තුවක් අනිවාර්යයෙන් දැනගෙන හිටිය කියන එක බොරුවක් නොවෙයි. ඒ විතරක් නෙවයි එයාල ඒවා ප්‍රායෝගිකව භාවිතා කරල තියෙනවා. අද වගේ ප්‍රවාහනය , සන්නිවේදනය තාක්ෂණය අතින් නොදියුණු ඒ කාලෙ සර්ප දෂ්ඨනයක්, කැඩුමක් බිඳුමක් වුණු ගමන් රෝහලකට යන්න පහසුකම් නොතිබුණු එදා දවසෙ වෙදමහත්තයෙක් නොහිටිය වෙලාවක නස්න කරල විස බස්සපු, උණ පතුරු තියල බෙහෙත් බැඳපු වැඩිහිටියො ගැන අපි අනන්තවත් අහල තියෙනවා. අදටත් මේ දේවල් නාගරීකරනය නොවුනු ගම්මැදි වල, කඳුකර ප්‍රදේශවල, ඈත වෙල්ලස්සෙ ඒ විදියටම වෙනව වෙන්න පුළුවන්.අපේ අම්මල අත්තම්මල දරුවන් අතර වයස් පරතරය පාලනය කරන්න අවශ්‍ය උපත් පාලන ඖෂධ වගේම අනවශ්‍ය දරු උපත් ගබ්සා කරවන්න භාවිතා කරන ඖෂධ පවා දැනගෙන හිටිය. ඒත් එයාල ඒව තමන්ගෙ දූවරුන්ට කියල නොදෙන්න පරෙස්සම් වෙන එක නම් වැරදි වැඩක්. මොකද ඒ ස්වභාවික ක්‍රමවේදයන් ශරීරයට අහිතකර නොවුනා වගේම ඒවා භාවිතයෙන් සුළු අතපසුවීමකින් පසු අපේක්ෂා භංගත්වයට පත්ව මරණයකින් කෙලවර වෙන ජීවිත දෙකකින් එකක් ගලවගන්න අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඒ පාරම්පරික දැනුම හෝ ප්‍රායෝගික දැනුම වෙද පොතක, නිඝන්ඩුවක, දෙපාර්තමේන්තු ලේඛණයක හෝ වෙනත් කිසියම්ම හෝ තැනක සටහන් වෙලා නැති දෙයක් නම් හෙට දවසෙ අපේ වගකීම් සහගත වැඩිහිටියො මිය පරලොව ගියහම ඒ දැනුමට අත්වෙන ඉරණම මොකද්ද? ඒවත් මැරිල යන්න අරිනවාද?නැත්නම් සංවිධානාත්මක සංරක්ෂණ ක්‍රමවේදයක් හදනවද?

ඔබ කියාවි සංවිධානාත්මක සංරක්ෂණ ක්‍රමවේදයක් හදමු කියල. එතකොට මම ඔබෙන් අහනවා දැනට එහෙම එකක් නැද්ද කියල. ඇත්තටම දැනටමත් එහෙම එකක් තියෙනවා. දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින සංරක්ෂණ හා පර්යේෂණ අංශවල මේ සම්බන්ධ දේවල් කෙරෙනවා. රටේ කොහේ හරි තැනක යම් කෙනෙක් ළඟ තියෙන පොත්, තල්පත්, ලේඛණ ආදිය දෙපාර්තමේන්තුව භාරයට අරන් ඒවා භාරදුන් අයගේ නම ලේඛණගත කරල පුස්තකාලයට යවනවා. ඉන් පස්සෙ කාලයක් එකතු වන ලේඛණ ආදියේ තොරතුරු ඇතුළත් කරල 'දේශීය චිකිත්සා සංග්‍රහය' ග්‍රන්ථයක් සම්පාදනය කරල මුද්‍රණය කරල අවශ්‍ය අයට මිළදී ගන්න ඉඩ ලබාදෙනවා. දැනට මෙහි කාණ්ඩ ගණනාවක් මුද්‍රණය වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මේක මිළදී ගැනීමට පවතින දුෂ්කරතා තමයි. හාවා හඳ දකින්නා වගේ කාලයකට සැරයක් මුද්‍රණය කිරීම තමයි මෙහි සම්ප්‍රදාය. පැරණි කාණ්ඩ මිළදීගැනීමත් හරිම අමාරුයි. ඒවගේම තමයි ලැබෙන සියළුම ලේඛන 'දේශීය චිකිත්සා සංග්‍රහය'ට ඇතුළත් වීමේ ගැටළුත් , දෙපාර්තමේන්තුව තුළ සිටින සමහර වගකීම් රහිත පිරිස් මුල් ලේඛණ අස්ථාන ගත කිරීමේ කූට ක්‍රියාමාර්ගවල යෙදීමත්
ආදී ප්‍රශ්ණ මේ සංරක්ෂණ ක්‍රියාවලිය වටා ගොනුවෙලා තියෙනවා.
හැබැයි මෙම ක්‍රියාවලියේ තියෙන ප්‍රධාන ගැටළුව තමයි මහජනයා මේ අය වෙත ලේඛණ ඉදිරිපත් කිරීමට තියෙන උනන්දුවේ අඩුකම. ඊට හේතු කිහිපයක් බලපානවා. පළවෙනි එක තමයි දෙපාර්තමේන්තුව මේ දේවල් පිටපත් කරගෙන ආපහු දෙනවා වෙනුවට ඔවුන් වෙත රඳවාගැනීම සිදු කරන නිසා තමන්හෝ තමන්ගේ පරම්පරාවේ රහස් දේවල් රජයට පවරාදීමට තිබෙන අකමැත්ත. මොකද මේ දේවල් තමන්ගේ පරම්පරාගත උරුමයන් , තමන්ගේ සමීපතමයින් භාවිතා කරපු දේවල් නිසා ජනතාවගේ ඊට තිබෙන බැඳිම මත එහෙම පවරන්න හිත හදාගන්න බැරිකම. දෙවැන්න තමන්ට උරුම වුණු වෙදකම හෝ පොත්පත් තමන්ගේ ඉදිරි පරම්පරාවේ පිරිසට උවමනා වෙයි කියන ආකල්පය. තෙවැන්න වැඩි පරෙස්සමට දෙපාර්තමේන්තුවට දීල දැනට තියෙන සුරක්ෂිත භාවයත් නැතිව යයිද කියන බය නිසා.
(මොකද මේ රටේ දෙපාර්තමේන්තු ගැන ජනතාවගේ තියෙන්නේ එතරම් හොද ආකල්පයක් නොවීම වගේම ආ.දෙ. තමන්ගේ වත්තෙ තිබිච්ච සදුන් ගස් ටික හොරෙන් කපාගෙන යනකම් නිදියගෙන හිටපු දෙපාර්තමේන්තුවක් වීම)සිව්වැන්න දෙපාර්තමේන්තුව සතුව පවතින සංරක්ෂණ ක්‍රමවේදය පිළිබදව පවතින ප්‍රසිද්ධියේ මද කම. පස්වැන්න තමයි මේවා භාරදීමට එන කෙනෙකුට විඳින්න වෙන ප්‍රායෝගික දුෂ්කරතා.තමන්ගේ දේරජයට භාරදෙන්න ගියාමත් මේ මේසෙන් අර මේසෙට, එතැනින් උඩ තට්ටුවට මාරු වෙවී යන සාම්ප්‍රදායික දෙපාර්තමේන්තු ක්‍රමවේදය කාට නම් ඉවසිය හැකිද? යන්නත් ප්‍රශ්ණයක්. මෙන්න මේ හේතු දෙපාර්තමේන්තු සංරක්ෂණ සැලැස්ම සාර්ථක නොවීමට බලපෑවත් ඔවුන් සතුව මෙසේ සංරක්ෂණය කරගත් දැනුම නම් මහමෙරක් වගේ ආයුර්වේදයට වටින බව කිව යුතුයි. නමුත් භාවිතාවට නොගන්නා සංරක්ෂණයකින් ඵලක් තියේද කියලත් හිතල බලන්න ඕන.මේ ගැන දෙපාර්තමේන්තුවෙන් මීට වඩා උනන්දුවක් මතුවිය යුතුයැයි වෙදහාමිනේගේ අදහසයි. ඒවගේම මෙතෙක් ලේඛණ ගත නොවී වහරේ පවතින දේවල් සංරක්ෂණය කිරීම ගැන වැඩපිළිවෙලක් සැකසීමත් දෙපාර්තමේන්තුවේ වගකීමක්.
අඳුරට සාප කර කර අඳුරෙම ඉන්නවට වඩා එක පහනක් හරි දල්වන්න පුළුවන් නම් ඒක වටිනවා. මේ ව්‍යසනය ගැන හිත විස්සෝපෙන් කේෂ්ත්‍රයේ තරුණ වෛද්‍යවරු පිරිසක් සමඟ කතා කර කර හිටපු වෙලාවක වෙදහාමිනේගේ ඔළුවට ආව වැඩපිලිවෙලකට කාගෙත් එකඟතාවය ලැබුණා. ඒ තමයි නවීන තාක්ෂණය භාවිතා කරමින් මේ දේවල් සංරක්ෂණයට අපි යොමුවිය යුතුයි කියන කාරණය. මේ වැඩේට වෙදහාමිනේම බහින්න තමයි අදහස. හැබැයි මේ වැඩේට වෙදහාමිනේගේ අඩවියේ පාඨක ඔබගේ සහයෝගයත් ඉතා වටිනවා. ගුවන්විදුලියේ ශ්‍රවණ පර්යේෂණ අංශයේ සී ද ඇස් කුලතිලක මහත්මයල පටිගත කිරීමේ යන්ත්‍රයක් පිටේ එල්ලගෙන රට වටේ ජනකවි, ජනශ්‍රැති එකතු කලා වගේම වෙදහාමිනෙත් ලැප්ටොප් එකකුත් ස්කෑනරේකුත් අරගෙන රටවටේ යන්නයි ලෑස්තිය. අපි හිතමු කාගෙ හරි ගෙදරක පරණ වෛද්‍ය තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් තියෙනවා කියල. වෙදහාමිනේ එතැනට ගිහින් අයිති කෙනා ඉදිරිපිටදිම ඒ ටික ස්කෑන් කරගන්නවා. ඒවා ඡායාරූප විදියට ගබඩා කරගෙන අයිති කෙනාට සංයුක්ත තැටියකට කොපි කරල පිටපතක් භාර දෙනවා. ඒකෙම පිටපතක් පසුව පළමු අයිතිකරුගේ විස්තරත් සමඟ ආයුර්වේද දෙපාර්තමේන්තුවට සහ ජාතික පුස්තකාලයට භාරදෙනවා. වෙදහාමිනේ ළඟත් පිටපතක් තියෙනවා. රටේ ඉන්න ඕනෑම ආයුර්වේද වෛද්‍යවරයෙකුට, පර්යේෂකයෙකුට, ශිෂ්‍යයෙකුට අවශ්‍ය විටකදී පරිශිලනය සඳහා මේ දේවල් ලබා දෙනවා. ලේඛණ ගත නොවුණු දේත් ඒවිදියමයි. ඒවා මෛක්‍රෆෝනය හරහා පටිගත කරගෙන කලින් විදියටම ක්‍රියාකරනවා. එතකොට මේ දේවල් සංරක්ෂණයත්, භාවිතයත්, පර්යේෂණයත් යන අංග තුන සඳහාම යොදවා ගත හැකි නිසා ඵලදායිතාවයෙන් යුක්තයි.
හැබැයි කිසිම විදියකින් මේ දේවල් අලෙවි කිරීමේ පරමාර්ථයක් වෙදහාමිනේට නෑ. කවදහරි දවසක කිසියම් වගකිවයුතු ආයතනයක් මෙහි භාරකාරීත්වය ගන්නවනම් ඒකත් පවරන්න වෙදහාමිනේ ලෑස්තියි.
ඒවගේම තමයි මේ වැඩේ එච්චර ලේසි පහසු වැඩක් නොවෙයි. කාලය,මුදල්,ශ්‍රමය කියන සම්පත් වැය කරගෙන කැපවීමෙන් කරන්න ඕන දෙයක්. "වෙදහාමිනේගේ අඩවියේ" පාඨක ඔබෙන් වෙන්න ඕන දේ තමයි මේ වගේ ලේඛණ, දැනුම තියෙන කිසියම් හෝ පුද්ගලයෙක් ගැන ඔබ දන්නා හෝඩුවාවන් වෙදහාමිනේට දන්වන එක. ඒවගේම වෙදහාමිනේගේ වැඩපිළිවෙලට එකතු වෙලා වැඩකරන්න පුළුවන් තමන්ගේ කාලය මේ වෙනුවෙන් යොදවන්න පුළුවන් විශ්ව විද්‍යාල, වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයත් වෙද හාමිනේට තියෙනව නම් ඒකත් වටිනවා. ඒ වගේම ඔබ සතුව පරිගණකයක්, ස්කෑනරයක්, මෛක්‍රෆෝනයක් තියෙනව නම් වෙද දැනුම හෝ වෙනත් දැනුමක් සහිත පැරැන්නන්ගේ ලේඛණ හෝ වෙනත් දේ සංරක්ෂනයට පෙළඹෙන්න. පුළුවන් නම් ඒවා වෙදහාමිනේටත් ඊමේල් කරලා එවන්න. මෙතනදි අදාල දැනුම මහ විශාල පොතක්ද, පුංචිම පුංචි කවියක්ද කියන එක සාපේක්ෂව නොබල හැම දෙයක්ම එක විදියට වටිනවා කියල හිතල හඹා යායුතුයි කියලයි මම නම් හිතන්නේ. මේ ගැන ඔයාලගෙ අදහස් වගේම ප්‍රායෝගික ගැටළු ගැනත් වෙදහාමිනේට දන්වන්න ඔබට පුළුවන්. ංආ! මුලින්ම තිබුණු වෙදගැටය ගැනත් යමක් කියන්න එපෑය. ඒකෙන් කියැවෙන්නේ නාග දෂ්ඨනයකදී කරන ප්‍රත්‍යක්ෂ්‍ය නස්නයක් ගැන. මඟුල් කරඳ මුලේ පොතුත්, (පරණ ගෙවල්වල භාවිතාකළ) මැටිකලය තබන බිම රැඳි මඩත් නර මුත්‍රයෙන් අඹරා අදාළ රෝගියාට නස්න කළ විට විෂ බහින බව තමයි ඒකෙන් දැක්වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න බැරි, ඒත් සරල පද පෙළක් තියෙන පුංචි කවියක රැඳිල තියෙන්නේ ප්‍රබල මිනිස් සුසුමක වටිනාකම නේද? පොඩ්ඩක් හිතන්න. අපේ අනන්‍යතාවය රැකගන්න ගොඩක් දේවල් ඔබට කරන්න ඉතිරි වෙලා තියෙනවා.

කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර හා වැළකීමේ ක්‍රම
කොලෙස්ටරෝල් - cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා.ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන.වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා.කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.

ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ''මේධෝවෘද්ධි'' නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.''මේධෝවෘද්ධි'' යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ.
ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස්ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට.ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ.ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වල මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද(LDL) ,අසංතෘප්ත මේද(HDL)හා VLDL ලෙස.මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ.හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත.එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් "මේධෝවෘද්ධි" රෝගියෙක් බවට පත්වෙනවා.හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. (මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට "මේධෝවෘද්ධි" රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.)වැඩි විස්තර බලාගන්න වෙදහාමිනේගේ මේ ලිපියත් කියවන්න.

මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉදල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා.අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව "මේධෝවෘද්ධි" වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්- සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම් - ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ගැටිති එනවා නම් ඒ "මේධවෘද්ධි" ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද "මේධවෘද්ධි" ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව
අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.
රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ඒ ගැන වැඩි විස්තර දැන ගන්න වෙදහාමිනේගේ ලිපිය බලන්න.ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා 'දැන් මට හොදයි' කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන් - නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?

එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ.තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැබෙන අවස්ථාව අපතේ නොහැර
තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව ප්ලීහාව වගේ ඉන්ද්‍රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ.කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න.ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි.

කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්,සීනි,පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්‍ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු හිත තැම්බූ හාලේ බත්,අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග,කුඩා මාළු හා මේද රහිත කිරි,කුරහන් පිටි සහිත ආහාර, සූරියකාන්ත තෙල් හා පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිබෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල් , කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා-ගොරකා-සුදුළූණු-ගම්මිරිස්-ලුණු කැටයක් පමණක් දැල අඹරපු ලුණු මිරිස් , කරපිංචා දළු සම්බෝලය,දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ(සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි.
ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔබෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි.ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි.

කරුණු කාරණා ගොඩක් වගේ වුණාට මේවා බොහොම සරල, සම්ප්‍රදායික, දෛනික ක්‍රමවේදයන්ට පහසුවෙන් අන්තර්ගත කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතුවක්. ඔබට කොලෙස්ටරෝල් වලින් මිදීමට ආයුර්වේද ප්‍රතිකාර අවශ්‍ය නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමුවෙන්න.ඒ සදහා මගපෙන්විමක් අවශ්‍ය නම් වෙදහාමිනේට ඊ ලිපියක් එවන්න.නිරෝගි වන්න. මොහොතින් මොහොත අළුත්වෙන ලෝකය දකින්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සහ කරන්න. සම්ප්‍රදාය රැකීම මිසෙක සම්ප්‍රදාය බිදීම ජීවිතයට පාර නොකියන බව තෙරුම් ගන්න. ජීවිතය විදින්න. සොබාදහම සමග මිස එය අභිබවා නොයන්න.

Subscribe to:
Posts (Atom)