සේරුවිල සරණකිත්ති හිමියන් උපවාසයකට



ගව ඝාතනය මෙරට නීතියෙන් තහනම් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමේ උපවාසයක් ආරම්භ කිරීමට
සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගරු
සේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේ අද උදෑසන පියවර ගෙන ඇත.ඊයේට යෙදුනු 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් රජය හා අනෙකුත් වගකිවයුතු පාර්ශවයන් නළු නිලියන් මෙන් පන්සිල් කියවීමෙන් පමණක් සෑහීමකට පත්වූ බව ප්‍රකාශ කරන උන්වහන්සේ එය අර්ථාන්විත කිරීමටනම් බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නීතියෙන් තහනම් විය යුතු බව ප්‍රකාශ කළහ. උන්වහන්සේ අසලින් මූතුර් බෞද්ධ විහාරයේ විහාරවාසී ස්වාමීන් වහන්සේද,තුන්සියයක පමණ ප්‍රදේශවාසී ජනතාවක්ද චෛත්‍ය මළුවේ මේ වන විට රැදී සිටී.

වැඩිදුර තොරතුරු - 0779016752

Email - nagarjunaherble@gmail.com

1 comment:

  1. ගවයා පූජනීය කොට සැලකීම හින්දු ආභාශයක් නෙ. ඔය විරෝධතාවය එළුවන්, කුකුළන් ගැන නැත්තෙ ඒකයි.

    ReplyDelete