වෙදහාමිනේ ඖෂධ නිෂ්පාදනයට -


වෙදහාමිනේ පහුගිය දවස් ටිකේම බරට වැඩ. රෝගීන්ට ප්‍රතිකාර කිරිමට අමතරව ඖෂධ නිෂ්පාදනය කිරීම ගැන වැඩ ටිකක් පහුගිය මාස පහ හයේම අත්හදා බැලුවා.ඒ සදහා වෙද හාමිනේට පාරම්පරික දේශිය වෛද්‍ය වරයෙකුගෙ සහයෝගයත් ලැබුණා. අත්හදා බැලීම් එහෙමත් කරල සාර්ථක ප්‍රතිඵල ලැබෙන ඖෂධ පන්තින් දෙකක් වගේම ඖෂධීය තෙල් වර්ග දෙකකුත් බාහිර ආලේපන වර්ගයකුත් නිෂ්පාදනය වෙදහාමිනේ විසින් පසුගිය ජූලි 01දා සුභ මොහොතින් ආරම්භ කළා. දැනට ටිකක් සුලු පරිමාණයෙන් තමයි වැඩේ යන්නෙ. ඒත් වෙදහාමිනේගේ බලාපොරොත්තුව මේ වැඩේ ඉදිරියට තව තවත් සාර්ථක වෙයි කියල තමයි.

අ‍පේ පරම්පරාවෙ ගොඩක් දෙනා දුක්විදින දියවැඩියාව හා ගැස්ට්‍රයිටීස් වලට සාර්ථක බෙහෙත්පන්තීන් දෙකක් දැනට ඇනවුම් වලට පමණක් නිෂ්පාදනය කරනවා. පළමු සතියෙදි පමණක් ඇනවුම් දහයක් පමණ වෙද හාමිනේට ලැබුණා.මේ ගැන වැඩි විස්තර වෙදහාමිනේගේ අඩවියේ දකුණු පස උඩින්ම තියෙන ප්‍රතිකාර අඩවිය සබැදියෙන් ලබාගන්න පුළුවන්. නැත්නම් කෙලින්ම http://www.eayurvedicsrilanka.blogspot.com වෙතට ගියත් හරි.

Email - nagarjunaherble@gmail.com

දේශීය ආයුර්වේදය ලොව දිනන්නට සැරසීම - Ayurveda Expo 2011


දේශීය වෙද්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් ජාතික වාණිජ මණ්ඩලය මෙහෙයවන Ayurveda Expo 2011 ජාත්‍යන්තර
ආයුර්වේද වෙලද ප්‍රදර්ශනය හා ‍දෙදින සම්මන්ත්‍රණය 2011 ජූලි මස 15 හා 17 දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම වැඩසටහනට සමගාමීව රටවල් 22ක සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී Indian Ocean Rim Countries
Oriental Medicine methods නමින් පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබද දේශණ මාලාවක්ද පැවැත්වේ.

මෙය ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර ආයුර්වේද සම්මන්ත්‍රණය බව දේශීය වෛද්‍ය අමාත්‍යාංහය පවසයි. සම්පූර්නයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්
පැවැත්වෙන මෙම වැඩසටහන මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රගමනයට හේතු වනු ඇති බව සංවිධායකයින්ගේ විශ්වාසයයි.

Email - nagarjunaherble@gmail.com