වෙදහාමිනේ ඖෂධ නිෂ්පාදනයට -


වෙදහාමිනේ පහුගිය දවස් ටිකේම බරට වැඩ. රෝගීන්ට ප්‍රතිකාර කිරිමට අමතරව ඖෂධ නිෂ්පාදනය කිරීම ගැන වැඩ ටිකක් පහුගිය මාස පහ හයේම අත්හදා බැලුවා.ඒ සදහා වෙද හාමිනේට පාරම්පරික දේශිය වෛද්‍ය වරයෙකුගෙ සහයෝගයත් ලැබුණා. අත්හදා බැලීම් එහෙමත් කරල සාර්ථක ප්‍රතිඵල ලැබෙන ඖෂධ පන්තින් දෙකක් වගේම ඖෂධීය තෙල් වර්ග දෙකකුත් බාහිර ආලේපන වර්ගයකුත් නිෂ්පාදනය වෙදහාමිනේ විසින් පසුගිය ජූලි 01දා සුභ මොහොතින් ආරම්භ කළා. දැනට ටිකක් සුලු පරිමාණයෙන් තමයි වැඩේ යන්නෙ. ඒත් වෙදහාමිනේගේ බලාපොරොත්තුව මේ වැඩේ ඉදිරියට තව තවත් සාර්ථක වෙයි කියල තමයි.

අ‍පේ පරම්පරාවෙ ගොඩක් දෙනා දුක්විදින දියවැඩියාව හා ගැස්ට්‍රයිටීස් වලට සාර්ථක බෙහෙත්පන්තීන් දෙකක් දැනට ඇනවුම් වලට පමණක් නිෂ්පාදනය කරනවා. පළමු සතියෙදි පමණක් ඇනවුම් දහයක් පමණ වෙද හාමිනේට ලැබුණා.මේ ගැන වැඩි විස්තර වෙදහාමිනේගේ අඩවියේ දකුණු පස උඩින්ම තියෙන ප්‍රතිකාර අඩවිය සබැදියෙන් ලබාගන්න පුළුවන්. නැත්නම් කෙලින්ම http://www.eayurvedicsrilanka.blogspot.com වෙතට ගියත් හරි.

Email - nagarjunaherble@gmail.com

3 comments:

  1. නාගර්ජුන බෙහෙත් ගැන නම් දන්නේ නැ වෙද හාමිනේ..හැබැයි නාගර්ජුන හාමුදුරුවො කියන්නේ නම් බුද්ධ දේශනාවත් වෙනස් විදිහකට දැක්ක සුපිරි කෙනෙක් තමා..හාමිනේ ගේ බෙහෙත්තුත් එහෙම සුපිරි වෙවායි හිතනවා

    ReplyDelete
  2. නාගර්ජුන තුමා නේද රස ශාස්ත්‍රයෙ (Alchemy) පියා හැටියට සලකන්නෙ? වෙද හාමිනේගෙ සියලු යහ පැතුම් යහපත් ලෙසම ඉටු වේවා!:)

    ReplyDelete
  3. ඔබ තුමියගේ ආයුර්වේද මධ්‍යස්ථානය නම මොකක්ද

    ReplyDelete