
අද කාලෙ ආයුර්වේද කේෂත්‍රයේ හොදම ව්‍යාපාරික යොමුවීම හැටියට මතුවෙලා තියෙන්නේ''ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන"නමින් පවත්වාගෙන යන ආයතන ආරම්භ කිරීම.කාලෙන් කාලෙට විවිධාකාර ව්‍යාපාරික රැලි වලට අහුවෙන ආයුර්වේදය මේ දවස් වල පංචකර්ම රැල්ලට අහුවෙලා එහාට මෙහාට පැද්දෙනවා. අද දවස වෙනකොට බස්නාහිර හා දකුණු පළාත,මහනුවර නගරය, දඹුල්ල - අනුරාධපුර වගේ ප්‍රධාන සංචාරක කළාප ආශ්‍රිතවත් අගලෙන් අගලට බෝඩ් ලෑලි ගහල තියෙන 'පංචකර්ම මධ්‍යස්ථාන' දකින්න පුළුවන්. අනික් ප්‍රදේශ වල ගත්තත් නගරයකට එකක්වත් මේ ආකාරයේ "පංචකර්ම" මධ්‍යස්ථාන තියෙන බව රහසක් නොවෙයි.නිකම්ම නිකම් මසාජ් සෙන්ටර් එකකට වැඩිය මේ 'පංචකර්ම මධ්‍යස්ථාන' වෙනස් වෙන්නෙ කොහොමද කියන එක හොයන්න බලන්න කෙනෙක් නැති නිසා අද වෙනකොට ආයුර්වේදයේ නම විකුණමින් ගණිකා මධ්‍යස්ථාන විවෘත වීමම කණගාටුවට කරුණක්.
ඇත්තටම ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාරවලදී "පංචකර්ම චිකිත්සාව" කියල කොටසක් භාවිතා වෙනවා.ඒක කඩේට ගිහින් තේ එකක් බීල ගෙදර එනව වගේ, ඇදුමක් අරන් එනව වගේ පහසුවෙන් ආරම්භ කරල අවසන් කරන්න බැරි ක්‍රමවත්ව, විධිමත්ව, සංයමයෙන් කරන්න ඕන ක්‍රියාවලියක්. අනෙක ඒක කිසිදු ආයුර්වේද දැනුමක් නැති තෙරපි(මසාජ්) දැනුම පමණක් ඇති තරුණයෙක් හෝ තරුණියක් යොදාගෙන කරන්න බැරි අවදානම් සහගත ක්‍රියාවලියක්.උදේ ඉදල වෙනත් වැඩ වලින් හෙම්බත් වෙලා පැයකට දෙකකට 'පංචකර්ම මධ්‍යස්ථාන'යකට ගොඩ වෙලා
හිතටවත් ගතටවත් නොදැනෙන ප්‍රතිකර්මයකට ලක්වෙලා රුපියල් දෙදහක් විතර වියදම් කරල ලබාගන්න දේට වඩා ජීවිතයේ පැවැත්මට අතිශය වැදගත් භෞතික හා මානසික සහනයක් දැනෙන වැඩපිළිවෙලක්.
මම මෙම ලිපි පෙළින් හැමදාමත් කියනව වගේ අවිචාරයෙන් දෑස් නිලංකාර කරගෙන හැල්මෙ දුවන 'ඉන්ස්ටන්ට්' සමාජයේ පුරවැසියන්ට මේ ආයුර්වේද ක්‍රමයෙන් නිසිඵල ලබන්න බෑ. දැනට අවුරුදු දහයකට දොළහකට කලින් ලෝකයට දැනෙන්න ගත්ත 'ස්වභාවිකත්වයට ලංවීමේ රැල්ල' ක්‍රමයෙන් ලංකාවටත් නැවත දැනෙන්න ගත්තෙ ඊට අවුරුදු කිහිපයකට පස්සෙ.ඉතාලියේ -ඇමරිකාවෙ වගේ රටවල් වල ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරු වගේම අරාබි යුනානි
වෛද්‍යවරුත් මූලික වෙලා ආරම්භ කරපු පංචකර්ම මධ්‍යස්ථාන, ත්‍රිගර්භ කුටි වල සාර්ථක ක්‍රියාදාමයන් අත්විදින්න භෞතික වගේම මානසික නිදහසකුත් ඇතිකරගත්තු බටහිරයන් ඒවගෙන් නිසිඵල ගනිද්දි, තරුණ පෙනුම, දිර්ඝායුෂ ලබද්දි
ආයුර්වේදයේ අයිතිකරුවන් කියල කියන්න පුළුවන් අපේ රටවල ඒ නමින් බිහිවෙන්නෙ "ගණිකා මඩම්" නම් ඒක හරිම ඛේදවාචකයක්. ඇමරිකානුවන්ටත්, චීන්නුන්ටත් වඩා දක්ෂ ව්‍යාපාරිකයන් වෙන්න හදන අපේ ව්‍යාපාරිකයින් ඒවගේ රටවල්වලින්ම ගෙන්වන සුදු ග්‍රීස් වලට, ක්‍රීම් බේස් වලට ඉන්දියාවෙන් ගෙන්වන තෙල්වර්ග, ස්වභාවික සුවද සහිත
එසන්ස් කලවම් කරල "ආයුර්වේද නිෂ්පාදන" කියල වෙළදපාලට දාන කොට අවිචාරවත්ව ඒව පසුපස දුවන සමාජයක් විදියට අපේ මොළගෙඩි නිර්වින්දනය කරන්න මේ රටේ විද්‍යුත් ජනමාධ්‍යයත් (විශේෂයෙන්ම උදේ වරුවෙ විකාශය වන
රූපවාහිනී වැඩසටහන්) කුප්‍රකට දායකත්වයක් ලබාදීල තියෙනවා.

ඔය කියපු ප්‍රවණතාවයෙම දිගුවක් විදිහට අපේ රටේ සාමාන්‍ය පැළැන්තියෙන් උඩින් ඉන්න යමක් කමක් තියෙන පැළැන්තියේ අයට ගැලපෙන්න "බියුටි සැලූන්" ක්‍රමවේදයත්, නාගරික"සම්බාහන මධ්‍යස්ථාන" ක්‍රියාදාමයත්, ආයුර්වේද තෙල් බේත් වර්ග කිහිපයකුත් එකතු කරල 'පංචකර්ම මධ්‍යස්ථාන'බිහිවෙන්නෙ "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" විදිහට. සාමාන්‍ය බියුටි සැලූන් එකකට වඩා සාමාජීය ගෞරවයකුත්,සම්බාහන මධ්‍යස්ථානයකට වඩා නීතිමය ආරක්ෂාවකුත් තියෙන නිසා ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන වලට පාරිභෝගිකයෝ ගෙන්න ගන්න අමාරු නෑ. මෙච්චර කාලයක් ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමවේදයක් වුණු පංචකර්මය මාකට් වෙලා කැරට්,බෝංචි ගානට එනකම් හුරුපුරුදු වචනයක් වුනේ වර්තමාන ව්‍යාපාරිකයන් විසින් වෙනත් ලෝකෙකින් හොයාගෙන ආව අරුම පුදුම බලගතු 'දිවඔසු'වක් ගානට හිතාගත්තු අවිචාරවත් අනිවාර්ය පාරිභෝගිකයන් කණ්ඩායමකුත් බිහිකරගෙන.
ඇත්තටම ආයුර්වේදයේ ඇතුළත් පංචකර්මය කියන්නේ දැන් කාලෙට ගැලපෙන සරලම උදාහරණයකින් කිව්වොත් "වාහනයක් සර්විස් කරනවා" වගේ වැඩක්. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ශෝතස් වල තැන්පත් වෙලා තියෙන සෙම් සොටු තෙල් බැක්ටීරියා වගේ දේවල් හා වෙනත් අපද්‍රව්‍ය ක්‍රමවත් විදියට ඉවතට ඇදල දාල අභ්‍යන්තර ශරීර පද්ධතීන් වල ක්‍රියාවලීන් "ටියුන්" කිරීමක් තමයි මේකෙන් වෙන්නෙ.මේකෙ අරමුණ නිරෝගී භාවය පවත්වා ගැනීම නිසා පංචකර්මයකට ලක්වෙන්න රෝගී වෙනකම්ම ඉන්න ඕනෙ නෑ. නමුත් පංචකර්මයේ එක් එක් කොටස රෝගීන් සදහා ආයුර්වේදයේ ප්‍රතිකාර අාරම්භ කිරීමට පෙර යොදා ගන්නා අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට "වසක් -විසක්" ශරීර ගත වුණාම වමණය කිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම වසරකට සැරයක් විතර බඩසුද්ද වෙන්න "අරළු පෙති" බීමත් පංචකර්මයේ දී භාවිතා වන විරේචන කොටසට අයත් දෙයක්.පංච කර්මය එහි නමේම තේරුමේ හැටියට ක්‍රමවේද පහකින් සමන්විත එකක්.
01. වමනය
02. විරේචනය/ විරේකය
03. නස්‍ය / නස්නය
04. වස්තිය
05. රක්ත මෝක්ෂණය
මේ සාමාන්‍ය ආයුර්වේදයේ පංචකර්මය.නමුත් යුනානි ආයුර්වේදයේ "කපින්" නමින් හැදින්වෙන හයවෙනි කොටසකුත් මේකටම සම්බන්ධව තියෙනවා.වමන කොටසෙදි සිදුවෙන්නේ ආහාර ජීරණ පද්ධතියේ ඉහළ කොටසේ පවතින අපද්‍රව්‍ය ඉවත්කිරීම. ඒ ස හා අනිවාර්යයෙන් උදය වරුව යොදා ගන්නා අතර විහරණයන්ගෙන් වැළකී එයට සූදානම් විය යුතුයි.මෙමගින් ආමාශයික යුෂ සාන්ද්‍රණය නිවැරදි කිරීම, ආමාශගත විෂ ඉවත්කිරීම, ආහාර දිරවීමේ ගැටළු මගහැරවීම වගේ ප්‍රයෝජන ලැබෙනවා. ඒවගේම වමනයෙන් බැහැරවන දේ පරීක්ෂාවෙන් පිළිකා ආදිය හදුනාගැනීම, ශරීර දුර්වලතා වටහාගැනීමත් වෛද්‍යවරයා විසින් සිදුකරනවා. විරේචනයේදී වන්නේ මුඛයෙන් ලබාදෙන ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධතියේ පහළ කොටස් පිරිසිදු කිරීම.සාමාන්‍යයෙන් ඉවත් නොවන බඩේ ඇලී පවතින මළ ද්‍රව්‍ය ඉවත් කිරීම මගින් අංගුලිකා උත්තේජනය මෙමගින් සිදුවෙනවා. ඒවගේම බැහැරවන මළ පරීක්ෂාවෙන් ආන්ත්‍රික පිළිකා හදුනාගැනීම කීට රෝග, වෙනත් ආමාශයික දුර්වලතා වටහා ගැනීම වෛද්‍යවරයාගේ කාර්ය භාරයට අයත්.මේ කොටස කෙරෙන්නේ වමන කර්මය දාට දවස් කිහිපයක අන්තරයකින් පසුව තෝරාගන්නා දිනයකදී. පොහෝ දින, වැසි දින මේ සදහා සාමාන්‍යයෙන් යොදාගන්නේ නෑ.

නස්‍ය නැත්නම් නස්න කොටස මගින් නාසය ඔස්සේ ඇතුළු කරන ඖෂධ මගින් ශ්වසන පද්ධතියේ සහ කෝටරකයේ අපද්‍රව්‍ය ඉවත්කිරීම සිදුකෙරෙනවා.නාසයෙන් හා මුඛයෙන් පිටකෙරෙන අපද්‍රව්‍ය මගින් සෙම් සොටු ඉවත් කිරීමෙන් නිතර සෑදෙන හිසරදය, සෙම්ගෙඩි ආදි රෝග පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඊළගට සදහන් වස්තිය හැමවිටම භාවිතා නොවුණත් විරේචනය මගින් ඉවත් නොවූ මළ කොටස් ඇත්නම් ඒවාට ගුද මාර්ගය ඔස්සේ ඇතුළුකරන මළ ලිහිල් කිරීමේ ඖෂධ භාවිතයෙන් පසු වස්ති යන්ත්‍ර(ආයුර්වේදයේ භාවිත වස්ති යන්ත්‍ර - බටහිර වස්ති යන්ත්‍ර පැමිණීමට පෙරත් පැවතිණි.)භාවිතයෙන් හෝ පිරිසිදු දෑත් භාවිතයෙන් ඉවත් කිරීම සිදුකරනවා.ගුද වස්ති වලට අමතරව මුත්‍ර වස්ති කිරීමෙන් අවශ්‍යතාවය අනුව මුත්‍ර පද්ධතියේ අවහිරතා මගහැරීම්/පිරිසිදු කිරීම් කරන අවස්ථාත් තියෙනවා. රක්ත මෝක්ෂණය කියන්නේ රැධිර සංසරණ පද්ධතියේ අපිරිසිදු කොටස් ඉවත් කිරීමට. ඒ සදහා අතීතයේදී සත්ව අං කොටස් හා ලබු කබල් වැනි දේශීය උපාංග භාවිතා කළත් අද දවසේ ජනප්‍රිය ක්‍රමය වන්නේ කූඩැල්ලන් මගින් අපිරිසිදු රැධිර කොටස් ඉවත් කිරීමයි.
මෙම ක්‍රියාදාමයේදී සෘජුවම අපේ ශරීරයේ පද්ධති වලින් ස්නායු පද්ධතිය හා ප්‍රජනන පද්ධතිය හැර අනෙක් පද්ධති වල අපද්‍රව්‍ය ඉවත් කිරීම සිද්ධ වෙනවා.නමුත් අනෙක් පද්ධති පිරිසිදු කිරීමෙන් හා උත්තේජනයෙන් මෙම පද්ධති වල ක්‍රියාදාම ක්‍රමවත් වීමත් සිදුවෙනවා. වැඩිදුරටත් ස්නායු පද්ධතියේ සහ ප්‍රජනන පද්ධතියේ ප්‍රතිකර්ම කෙරෙන වෙනත් අවස්ථාවක් ආයුර්වේදයේ තියෙනවා. එය ත්‍රිගර්භ කුටි ක්‍රමවේදයලෙස හදුන්වනවා.මේ සියළු කටයුතු එක් දවසකින් නිමකර ප්‍රතිකාරයට භාජනය වන්නා පිටත්කර හැරීමේ හැකියාවක් නැහැ. මේ සියළු දේ එක පිට එක දරා ගැනීමේ හැකියාවක් කෙතරම් නිරෝගී පුද්ගලයෙකුටවත් නෑ. මේ සියල්ල පිළිවෙළින් සිදු කිරීමට සතියක්වත් රෝගියාත් - වෛද්‍යවරයාත් යන දෙදෙනාම කැපවිය යුතුයි.එසේම පංචකර්ම ක්‍රියාවලියක් ඇරඹීමට පෙර ඒ සදහා රෝගියා සූදානම් කරවීමක් කළ යුතුයි. එමගින් බලාපොරොත්තු වන්නේ පෙර සදහන් කළ ශරීරයේ සෝත්‍රස් හරහා අපද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කිරීමට අදාළව ඒවා ලිහිල් කිරීමට අදාළ ක්‍රියාකාරකම්. ඒවාට කියන්නේ 'පූර්ව කර්‍ම' කියලයි. එහිදී පංචකර්මයට ලක්වන පුද්ගලයා එක දිගට දවස් තුනක් පමණ මෙම ක්‍රියාදාමයට යොදා ගන්නවා.
එවිට රෝගියා තමන්ගේ ආහාර , ඇදුම්, එදිනෙදා කටයුතු වෛද්‍ය වරයාගේ අනුදැනුම ඇතුව භාවිතා කිරීමත් කළ යුතුයි. පූර්ව කර්‍ම වර්ග දෙකක් තියෙනවා. පළමු වැන්න ස්නේහ කර්මය. දෙවැන්න ස්වේද කර්මය.

ස්නේහ කර්මය කියන්නේ තෙල් සාත්තුවට. දැන් කාලෙ භාෂාවෙන් කිව්වොත් 'මසාජ්' එකට. ඒත් ආයුර්වේදයේ යොදාගන්නා තෛල අභ්‍යංග විධි එයට පාත්‍ර වන්නාගේ කාමුක හැගීම් අවදි වන විදියට භාවිතා කෙරෙන්නේ නෑ. වෛද්‍යවරයාගේ තීරණය අනුව මුළු ශරීරයම හෝ කොටසක් තෝරාගත් ඖසධීය තෙලකින් සම්භාහනය කිරීම
මගින් මාංශ පේශි ලිහිල් කිරීම, රුධිර නාල වසා ගැටිත්ති උත්තේජණය කිරීම, ඒවායේ අවහිරතා මගහැරවීම, බාහිර ඉදිමීම් , තැලීම් සුවකිරීම මෙමගින් බලාපොරොත්තු වෙනවා.ඉන් අනතුරුව කෙරෙන ස්වේද කර්මයේදී සිද්ධ වෙන්නේ බාහිරින් යොදාගන්නා ඖෂධ භාවිතා කරමින් රෝගියාගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ නංවා දෝෂ හා මළ කොටස්
සෝත්‍රස් වෙත අද්දවා ගැනීම සහ මිනිසාගේ විශාලම අවයවය වන සමේ පිරිසිදු භාවය වර්ධනය කිරීමයි.ඒ සදහා ලීයෙන් හෝ මැටි වලින් නිමවූ ස්වේද කුටියක් භාවිතා වන අතර මෙය අද දවසේ 'ස්ටීම් බාත්' ලෙස හදුන්වනවා.
එයින් පසුව තමයි රෝගියාව පංචකර්මයට යොමු කරන්නේ. එසේ පිළිවෙලක් ඇතිව පංචකර්මයට යොමුකරන අයෙකුට ලැබෙන ප්‍රතිලාභත් හරි ඉහළයි. අකළට ගිලිහෙන තරුණ පෙනුම යළි ලබාදීම, ශාරීරික ජවය පවත්වාගැනීමේ හැකියාව, ලිංගික හැගීම් හා ශක්තියේ වර්ධනය, දීර්ඝායුෂ ලැබීම, පිළිකා, රුධිර පීඩන විචල්‍යතා, හෘදයාබාධ වැනි රෝග වලින් වැළකීමේ හැකියාව, දද- කුෂ්ඨ වැනි රෝග වලින් මිදීමේ හැකියාව වගේ දේවල් ඒ අතර ප්‍රධානයි.හැබැයි මේ සදහා නිවැරදිව යොමුවෙන කෙනෙක් තමන්ගේ සියළු කටයුතු එක් මාසයකට අත්හැරල දාන්න වෙනවා. අඩුම තරමේ ශ්‍රී ලංකා රුපියල් පනස්දාහක්වත් වියදම් කරන්න වෙනවා.නමුත් ඉහත කියන සියළු ප්‍රතිලාභ ලබාගැනීම සදහා වසර තුනකට වරක්වත් මෙම කැපකිරීම් කල හැකිනම් හොද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබටත් ලබාගත හැකියි. (ඉහත සදහන් රෝගයන් සදහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවුණාම ටිකෙන් ටික වැය වන මුදලත් කාලයත් එක්ක ගත්තහම කැප කළයුතු දේ බොහොමයි.) හැබැයි අද දවස වෙනකොට මේවගේ දේවල් මේ පිලිවෙලටම කරන සැබෑ ආයුර්වේද වෙදමැදුරු හොයාගන්න එක ටිකක් අමාරුයි.නමුත් නැත්තෙමත් නෑ.
දැන් එතකොට "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" නමින් සිද්ධ වෙන්නෙ ඉහත කී පූර්ව කමර් සිද්ධ කිරීම විතරයි.එහිදීත් මසාජ් හැටියට භාවිතා වන්නේ වෛද්‍ය ක්‍රමවේද නොවෙයි. ඒ වෙනුවට යොදාගන්නේ ලිංගික හැගීම් උත්සන්න වෙන අභ්‍යංග විධි. ස්ටීම් බාත් ස්‍දහාත් නිවැරදි කාල පරාස, ක්‍රමවේද භාවිතා වෙනව කියල කියන්න බෑ.
මේවා පවත්වාගෙන යන බොහෝ දෙනෙක් ආයුර්වේද වෙන්නේ නමින් පමණයි. තමන්ගේ මසාජ් සෙන්ටර් සහ ගණිකා මඩම් වලට නීතිමය ආරක්ෂාව ලබාගන්න ආයුර්වේද වෛද්‍යවරයෙක් බදවාගෙන (සමහර විට ඒ වෛද්‍යවරයාටත් හොරෙන්) ඊටම සම්බන්ධ වෙනත් තැනක මෙවැනි ජාවාරම් කරන ව්‍යාපාරිකයන් බොහොමයි. සමහර ස්ථාන වල
බදවාගන්නා තරුණ අභ්‍යංග වරුන්ට (තෙරපිස්ට්)නිසි පුහුණුවක් නැති කමත්,ඔවුන් තමන්ගේ අමතර ආදායම වැඩිකර ගැනීම සදහා (සමරවිට පාලකයන්ටත් හොරෙන්) වැරදි ක්‍රියාකාරකම් වලට යොමුවීමත් නිසා අද වන විට "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" සල්ලාලයින්ගේ පාරාදීස බවට පත්වෙලා. හැබැයි නිවැරදිව ආයුර්වේද ක්‍රමවේද භාවිතා කරන මධ්‍යස්ථාන ත් නැතිවාම නොවෙයි.සත්‍ය තත්වය නම් ඒවාට පාරිභෝගික ඉල්ලුම සාපේක්ෂව අඩු බවයි.

ඉල්ලුමට අනුව සැපයුම ලබාදීම මත තමයි ඕනෑම ව්‍යාපාරයක් රදාපවතින්නේ.ඒනිසා රැල්ලට එරෙහිව පිහිනන්න ව්‍යාපාරිකයො කැමති නැති බව අපි පිළිගන්න ඕනෑ. හැබැයි ඒ වෙනුවෙන් ආයුර්වේද නම භාවිතා කිරීම ගැන වෛද්‍යවරු හැටියට අපිත් ආයුර්වේදයට ආදරය කරන ඔබත් විරුද්ධ විය යුතුයි. හැමදාම ආයුර්වේදයේ පුස්කොළ පොත් ගැන විවරණ කර කර නොඉද කාලයට ගැලපෙන තාලයට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේද නිර්මාණය කර නොගත්තොත් 'අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නෙනගී' කියන කුමාරතුංග මුනිදාස කිවියාණන්ගේ කීම වගේම ඩාවින්ගේ පරිණාම වාදයත් සනාථ කරමින් ආයුර්වේදය යටපත් වෙලා යාවි. නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර කරන ආයුර්වේද සිද්ධාන්ත මත පමණක් රැදී මාකටින් කළ හැකි ප්‍රතිකාර විධි සදහා අත්වැල් බැදගැනීමට නවීනව සිතන ආයුර්වේද වෛද්‍යවරුන්ටත් , සුබවාදීව සිතන ආයෝජකයින්ටත් කාලය එළැඹී ඇති බව වෙදහාමිනේ ගේ අදහසයි.
Email - nagarjunaherble@gmail.com
නව අවුරුදු උදාව වෙනුවෙන් පැවතුනු පුංචි සාදයකදී මට ඇහුන කතාවක් මේ. කතාව කිව්වේ, විදේශීය සංචාරකයන් කුලියට ගමන් ගන්න මෝටර් රථයක රියදුරෙක්. ඔහුතම සංචාරකයන් රැගෙන යන එක්තරා ආයුර්වේද සම්බාහන ආයතනයක් තියනවා කන්ඩ උඩරට. එහිදී සංචාරකයන්ගෙන් අයකරගන්නා මුදලින් මොහුටත් කොමිස් එකක් ලැබෙනවා. නමුත් මොහු ගන්නේ කොමිස් මුදල් නෙව්වෙයි නොමිලේ සම්බාහනයක්. මෙහි සඳහන් කල නොහැකි වචන වලින් ඔහු කිව්වේ ඒ සම්බාහනයෙදී වෙන දේවල්. මෙවැනි ගණිකා නිවාස මර්ධනය නොකලොත් ආයුර්වේදයේ පිහිටත් අපට නැති වෙයි.
ReplyDeleteඔබට ජය!!!
ReplyDeleteදිගටම ලියන්න. සතුටුයි, ඔබ නැවත ලියනවට.
ලිපිය වටිනවා,
ReplyDeleteමම ඔබතුමියට ඊ මේල් එකක් එවුවා බලන්න,
ෆොන්ට් එක තව ලොකු කරන්න එතකොට කියවන්න පහසුයි.
ස්තූතියි.
ආහ් කමෙන්ට් කරනකොට එන වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.
සෙටින්ග්ස් වල කමෙන්ට් කියන එකේ යට ඇති.
එතකොට කමෙන්ට් කරන්න ලේසියි.
ඔබතුමිය ඉහත කී අයුරින් නියැරදි පඤ්චකර්මය දැනට ක්‍රියාත්මකව කරගෙන යනවාද. මන්ද ඉන් අපටත් ඒ යථාර්තවාදී සේවාව ලබාගතහැකිවන බැවින්ග බොහොමත්ම පින්
ReplyDelete